වැඩී ගාණට ලාභ සෙවිමට ගොස් ඉන්ධනහලක් සීල් තබයි..
Sri Lanka
Kanchana Wijesekera
By krishani
අඹතලේ ඉන්ධන පිරවුම්හලක ලද තොරතුරක් අනුව (23)වන දා රාත්‍රියේ එම ඉන්ධන පිරවුම්හල ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් විසින් අත්පත් කරගත් බව බලශක්ති අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ මෙම ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන තිබිය දී රාත්‍රී 8ට පමණ ඉන්ධන බෙදා හැරීම නවතා දමා ඇත්තේ ඉන්ධන මිල වැඩි වූ පසු අලෙවි කිරීම සදහා ය.
ඛනිජ තෙල් සංස්ථාව සමඟ ඇති ගිවිසුම් ප්‍රකාරව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අදාළ ඉන්ධනහල පිළිබඳව ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිත බව බලශක්ති අමාත්‍යවරයාගේ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වන අතර ඊයේ උදෑසන මෙම ඉන්ධන හලේ ඉතිරිව තිබූ ඉන්ධන ඛනිජ තෙල් සංස්ථා නිලධාරීන් විසින් පැරණි මිලටම අලෙවි කිරීමට කටයුතු කර ඇත.