සමන් රත්නායකගේ කාර්යාලයට මුද්‍රා තබයි..
Ministry of Health Sri Lanka
Government Of Sri Lanka
By Sewvandhi
මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායකගේ කාර්යාලයට මුද්‍රා තැබීමටද නියෝග කර තිබෙනවා.
හෙට (19) එම කාර්යාලයේ ලිපි ලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මේ අතර, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රි චන්ද්‍රගුප්ත මහතාව එළඹෙන 27 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.
එම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ලේකම්වරයා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේදී ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.
අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ.