සමහර මාළු වර්ග කාපු ගමන් විවිධ අසාත්මිකතා ඇති වන්නේ ඇයි?

Allergy Healthy Food Recipes
By Wayomi Jul 28, 2022 07:55 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

සමහර ආහාර වර්ග සමහර අයට ඇලජික්. ඒ අතර සමහර මාළු වර්ග කෑවට පස්සේ උගුර කැසීම, සම මතුපිට රතු පැහැ ලප හටගැනීම වැනි අසාත්මිකතා ඇති වෙනවා. මේකට ප්‍රධානම හේතුව තමයි හිස්ටමීන් ( histamine) කියන ඇමයිනෝ අම්ලය. 🥩

🥩 හිස්ටමින් කියන්නේ ටූනා, හුරුල්ලන්, උම්බලකඩ, කෙලවල්ලා, මැකරල් වගේ මාළු වර්ග වල හැදෙන විෂ ද්‍රව්‍යයක්.අනෙකුත් මාළු වර්ගවලත් මෙම විෂ සහිත සංයෝග සෑදීමේ හැකියාවක් පවතිනවා. ඊට අමතරව චීස්, වයින්, වියළි සොසේජස්, සෝයා සෝස් වැනි ආහාර වලද අඩංගු විය හැකියි. 

හිස්ටමින් හැදෙන්නේ කොහොමද?

🐟මත්ස්‍යයන් මියයෑමත් සමඟ ශරීරයේ ඇති ස්වභාවිකව ආරක්ෂණ ක්‍රියාවලිය නවතිනවා. රුධිර සංසරණ පද්ධතියේ නැවතීමත් සමඟ ක්ෂුද්‍ර ජීවීන්ට ඇති ප්‍රතිරෝධය නැති වෙනවා.

🐟 ඒ සමඟම මත්ස්‍යා මතුපිට සිටින මත්ස්‍යයාගේ ආහාර මාර්ග පද්ධතිය තුළ සිටින කරමල් තුළ සිටින ක්ෂුද්‍ර ජීවීන් ක්‍රියාත්මක වෙනවා.

🐟 මේ ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය නිසා histamine Decarboxylase කියන එන්සයිමය නිපදවනවා. histamine කියන ඇමයිනෝ අම්ලය සහ histamine Decarboxylase යන එන්සයිම අතර සිදුවෙන ක්‍රියාවලියෙන් හිස්ටමින් හැදෙනවා.

ඇති විය හැකි සංකූලතා

🥩 ඔක්කාරය

🥩 ක්ලාන්ත ගතිය

🥩 වමනය

🥩 පාචනය

🥩 උදරාබාධ

🥩 හිසරදය

🥩 සමේ කැසීම

🥩 රෑෂ් ඇති වීම

🥩 මුඛයේ සහ තොල්වල ඇති වන දැවිල්ල සහ රතු පැහැ වීම.

🥩 සමේ රතු පැල්ලම්, බිබිලි ඇතිවීම - අධි රුධිර පීඩනය   

නමුත් මත්ස්‍ය සම්පත නෙළා ගත් පසු හොඳින් පිරිසිදු කිරීමත්, ක්ෂණිකව අධිශීතකරණය කිරීමත් මඟින් මෙම තත්වය පාලනය කර ගත හැකියි.



ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW