අද සිට දිවයින පුරා පාසල් වල සති 02ක් එකදිගට සිදු වන දේ මෙන්න..

Ministry of Education Sri Lankan Schools Education
By Aruna Jul 22, 2024 03:23 AM GMT
Report

අද (22) සිට සති දෙකක කාලයක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.

මෙරට ප්‍රධාන රෝහලකදී රෝගියෙකුට මුහුණදීමට සිදු වූ අත්දැකීමක්..(VIDEO)

මෙරට ප්‍රධාන රෝහලකදී රෝගියෙකුට මුහුණදීමට සිදු වූ අත්දැකීමක්..(VIDEO)


ඒ අනුව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේ, පාසල්වලින් බැහැරව සිදුකරන සියලු ක්‍රියාමාර්ගවලින් ඉවත්වීමට එම සන්ධානය තීරණය කර ඇති බවයි.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා වැඩිදුරටත් පැවසුවේ, පෙරවරු 07.30 සිට පස්වරු 01.30 දක්වා අධ්‍යයන කටයුතු පමණක් සිදුකරන බවයි.

ඉදිරි දෙසතිය තුළ පන්ති කාමරවල ඉගැන්වීමේ කටයුතුවලට පමණක් සම්බන්ධ වන අතර සියලු බාහිර කටයුතුවලින් ඉවත් වන බවයි, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ ප්‍රධාන ලේකම් පරාක්‍රම වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ.

ඔබත් මිථුන, සිංහ,කන්‍යා සහ කුම්භ ලග්නයේ ද?..එහෙනම් අද අනිවාර්යෙන් පරිස්සම් වන්න..

ඔබත් මිථුන, සිංහ,කන්‍යා සහ කුම්භ ලග්නයේ ද?..එහෙනම් අද අනිවාර්යෙන් පරිස්සම් වන්න..


කෙසේවෙතත් ගුරු-විදුහල්පති එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමි සඳහන් කළේ, දේශපාලන ව්‍යාපාර ශක්තිමත් කර ගැනීමේ අරමුණින් සැලසුම්කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සහාය නොදක්වන බවයි.