රට පුරා පාසල් 5000ක් සම්බන්ධයෙන් ගත් විශේෂ තීරණයක්..සිසුන්ට රතු එළියක්..
හඳුනාගත් පාසල් 4983ක් අවට පසුගිය මාස කිහිපය තුළ මත්ද්‍රව්‍ය සංසරණය වන බවට පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් වැටලීම් මාලාවක් සිදු කර තිබෙනවා.
මේ නිසා එම පාසල් අවට කලාප මත්ද්‍රව්‍යවලින් තොර කලාප බවට පත්කළ බවයි වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අනාවරණය කළේ.
තදුරටත් මත්ද්‍රව්‍ය අවදානම පවතින බවට වාර්තාවන පාසල් 107 ආශ්‍රිතව වහාම මෙහෙයුම් සිදුකරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා ඊයේ (06) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ට උපදෙස් දී ඇත.
එසේම තවත් පාසල් 434ක් ආශ්‍රිතව පාසල් දරුවන් නොමග යැවීමට හැකි කොණ්ඩා කපන ස්ථාන ඇතුළු ස්ථනා 434ක්ද හඳුනාගෙන ඇති බැවින් ඒවා අවටද මෙහෙයුම් තවදුරටත් සිදුකරන ලෙසටද නියෝග කර තිබේ.
මත්ද්‍රව්‍ය සංසරණය සිදුවන සෑම පාසලක්ම කේන්ද්‍ර කරගෙන වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත පිහිටුවනු ලැබූ ‘පවුර’ සංසද කමිටු 5133ට අදාළ කමිටු සාමාජිකයන්ගෙන් ලබාගත් වාර්තා මත මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි පැවසෙන්නේ.
සෑම පාසලක් ආශ්‍රිතවම පාසල් ගුරුවරුන්, ශිෂ්‍ය නායකයන්, ශිෂ්‍ය ප්‍රජාව සහභාගි කර ගනිමින් පවුර සංසද කමිටු පිහිටුවා තිබිණි. ඒ අනුව දිවයින පුරා පාසල් 10221 අතුරින් 4983ක් වටා මත්ද්‍රව්‍ය සංසරණය සිදුවන බවට හඳුනාගෙන ඇත.
මේ අනුව පාසල් අවට මත්ද්‍රව්‍ය විකුණූ චෝදනාවට 517 දෙනකු අත්අඩංගුවට ගෙන ගංජා කිලෝ එකයි ග්‍රෑම් 230ක්, මාවා කිලෝ තුනකුත් ග්‍රෑම් 650ක්.
මදන මෝදක කිලෝ 02ක්. දුම්කුඩු කිලෝ එකහමාරක්, මත්පෙති 1561ක්, හෙරොයින් ග්‍රෑම් 85ක්, අයිස් ග්‍රෑම් 48ක් සොයාගෙන ඇත.
මෙම වැටලීම් මාලාවෙන් පාසල් 4876ක් පිහිටි ප්‍රදේශයන් සුරක්ෂිත බව පවුර සංසද කමිටුව සමග ඊයේ (06) පැවැති සාකච්ඡාවේදී අනාවරණය විය.