ප්‍රධාන අගනගරයක පාසල් සතියක් පුරා වසා දැමීමට තීරණය කරයි...

India Weather Education
By Aruna Nov 06, 2023 06:48 AM GMT
Report

මේ වන විට වායු දූෂණය තව තවත් උග්‍රවීම හේතුවෙන්, ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පාසල් සතියක් පුරා වසා දැමීමට බලධාරීන් විසින් විශේෂ තීරණයක් ගෙන තිබෙන බව වාර්තා වනවා.

මිලියන 30 ක ජනගහනයක් වෙසෙන නවදිල්ලි අගනුවර ලොව වායු දූෂණය වැඩිම නගරය බවටයි මේවන විට වාර්තා පලවන්නේ.

සෑම වසරකම ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී නවදිල්ලි අගනුවර විෂ වායු දුමාරවලින් වැසී යයි.

ඊට හේතුව අසල්වැසි ප්‍රාන්තවල ගොවීන් කෘෂිකාර්මික කටයුතු සඳහා විශාල වශයෙන් පිදුරු ගිනි තැබීම ආදිය සිදු කිරීමයි.

හින්දු ආගමික උත්සව හේතුවෙන් ගිනිකෙළි සංදර්ශන පැවැත්වීම, රතිඤ්ඤා දැල්වීම ආදිය ද නවදිල්ලි අගනුවර වායු දූෂණයට ප්‍රධාන හේතුවක් වී තිබෙන බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

පාසල් සිසුන්ට මාසයකට වැඩි දීර්ඝ නිවාඩුවක් දැනුම්දෙයි..නිවාඩුව ලැබෙන දින වකවානු මෙන්න..

පාසල් සිසුන්ට මාසයකට වැඩි දීර්ඝ නිවාඩුවක් දැනුම්දෙයි..නිවාඩුව ලැබෙන දින වකවානු මෙන්න..