පාසල් සිසුන් දෙදෙනෙක් නොසිතූ ලෙස අවසන් ගමන් යයි..සියලු දෙමාපියන් දරුවන් ගැන අවධානයෙන්..
මාඔයේ දොස්තර වළ නමැති ස්ථානයේ දිය නෑමට ගිය 15 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනෙකු පෙරේදා (06) දියේ ගිලී මියගොස් තිබෙන කනගාටුදායක පුවතක් වාර්තා වනවා.
මිය ගිය සිසුන් දෙදෙනා සෙල්ලම් කිරීමට යන බව නිවසට පවසා මෙම ස්ථානයේ දිය නෑමට ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.
වැලිහේන සහ දළුවකොටුව ප්‍රදේශවල පදිංචි පාසල් මිතුරන් දෙදෙනක්, මෙලෙස මියගොස් ඇති බවයි පැවසෙන්නේ.
මිය ගිය සිසුවෙකුගේ මව දැක්වූ යේ මෙවන් අදහසක්,''මගේ මහත්තයා නැහැ.එයා මිය ගිහින්. මට දරුවෝ හතරදෙනෙක් ඉන්නවා. නාන්න ගිහින් මිය ගියේ මගේ වැඩිමල් පුතා.
හය වැනිදා උදේ පාසලට ගිහින් සවස දෙකට විතර ගෙදර ආවා. පුතාගේ යාලුවා විහඟ ඇවිත් පුතාට කතා කළා පාසල් පිට්ටනියේ සෙල්ලම් කරන්න යමු කියලා.
සවස 6.30 වෙනකල් බලාගෙන හිටියා. පුතා ගෙදර ආවේ නැහැ. පුතාගේ යාලුවගේ ගෙදරට කතා කළා. එයාගේ තාත්තත් කිව්වා ඔහුත් ගෙදර ආවේ නැහැ කියලා.
රාත්‍රී 7.30ට පමණ කොච්චිකඩේ පොලිසියට ගිහින් පැමිණිලි කළා. පාසලේ ළමයි කිව්වා මේ අය මීට පෙර හල්පෙ පැත්තේ තියෙන විලකට නාන්න යනවා කියලා.
බම්බුකුලිය ප්‍රදේශයේ විලක් වැනි ජලාශයක් ළඟ පුතාගේ සහ මිතුරාගේ ඇඳුම් තිබුණා. ඔවුන් ගිය පාපැදි දෙකත් තිබුණා''