පාසල් ගුරුවරියක් ලක්ෂ 22ක තැල්ලක් සොරකම් කරයි - පාසල් ළමුන් සියල්ල හෙළිකරයි
අද(28) පොලීසිය විසින් උඩප්පුව ප්‍රදේශයේ පාසලක ගුරුවරියකගේ රුපියල් ලක්ෂ 22ක් වටිනා රන් තැල්ල සොරකම් කළ එම පාසලේම ගුරුවරියක් අත්අඩංගුවට ගෙන තිබේ.
එනම්, රන් තැල්ල හිමි ගුරුවරියගේ ගෙල ප්‍රදේශයේ ඇතිවූ කැසීමක් හේතුවෙන් ඇය රන් තැල්ල ගලවා මුදල් පසුම්බියට දමා ඉගැන්වීම් කටයුතු කර ඇත.
එම අවස්ථාවේ විදුහල්පතිවරයා කළ කැඳවීමක් මත ඇය පංති කාමරයෙන් ඉවතට ගොස් තිබෙන අතර, පසුව ඇය නැවත පැමිණ සිය මාලය පසුම්බියේ තිබේද යන්න පරික්ෂා කිරීමේදී එය නොමැති බව දැන ඒ සම්බන්ධයෙන් විදුහල්පතිවරයාට දැනුම් දී තිබේ.
පසුව විදුහල්පතිවරයා පැමිණ සිසුන්ගෙන් කළ විමසීම් හමුවේ අනාවරණය වී ඇත්තේ, තවත් ගුරුවරියක් විසින් ඇයගේ පසුම්බිය විවෘත කර ඇති බවය.
පසුව විදුහල්පතිවරයා විසින් මේ බව පොලීසියට දන්වා ඇති අතර, පොලීසිය පැමිණ අදාළ සැකකාර ගුරුවරියගෙන් සිදුකළ දිර්ඝ ප්‍රශ්න කිරීම්වලදී ඇය විසින් අදාළ රන් තැල්ල සහ මාලය සොරකම් කළ බවත් එය පාසලේ ආරක්ෂිත වැටක් අසල පොළොවේ කුඩා වළක් අතින් හාරා සැඟවූ බවත් පවසා ඇත.
පසුව සැකකාර ගුරුවරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පුත්තලම අධිකරණයට ඉදිරිපත් කර තිබේ.