උසස් පෙළ සිසුවෙක් වෙඩි තබා ගනී.- සා. පෙළ ට A සාමාර්ථ 08ක් හා B සාමාර්ථයක්. - (VIDEO / PHOTOS)

Sri Lanka Police Shooting Crime Death School Children
By Wayomi Jun 25, 2024 10:27 AM GMT
Report

උසස් පෙළ පාසල් සිසුවෙකු ප⁣⁣තොරන් තුවක්කුවකින් මුඛයට වෙඩි තබාගෙන මියගොස් ඇති බව ගම්පොළ ඇත්ගාල පොලිසිය පවසනවා.

එලෙස මියගොස් ඇත්තේ, ගම්පොළ පාර උලපනේ පදිංචි කේ.එම්.බි.ආර්.ජි. කුලසේකර නමැති 18 හැවිරිදි සිසුවෙක්.

ඔහු ගණිත අංශයෙන් මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ ඉගෙන ගත් අයෙක් වන අතර රැකියාවට යන මවට වැඳ කාමරයට වී දොරගුලුලාගත් මොහු සඟවා තිබූ පියා සතු ගිනිඅවිය සොයා ගෙන සිය කාමරයේ පුටුවක වාඩි වී මෙම වෙඩි තබා ගැනීම සිදු කරගෙන තිබෙනවා.

ගුරුවරුන්ට ගෙවන දීමනා වල වෙනසක්. - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්.

ගුරුවරුන්ට ගෙවන දීමනා වල වෙනසක්. - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්.


ඉන් ඔහුගේ හිසේ පසුපසට බරපතල හානි සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මව පියා සේවාවන් සඳහා නිවසින් පිටත්ව ගිය පසු සොයුරා සමග මොහු නිවසේ සිට ඇති අතර සොහොයුරාද සේවය සඳහා යාමට සුදානම්ව පෙරවරු දහයට පමණ මෙම සිසුවාට කතා කිරීමට කාමරයේ දොර අරින විට මෙම සිද්ධිය දැක ඒ පිළිබඳව ඔහු පොලිසිය වෙත දන්වා ඇත.

පොහොට්ටුවේ අපේක්ෂකයාට තිබිය යුතු සුදුසුකම් නම් කෙරේ.- පොහොට්ටු ප්‍රභලයෙක් මහින්දටත් අභියෝග කරයි. - (VIDEO)

පොහොට්ටුවේ අපේක්ෂකයාට තිබිය යුතු සුදුසුකම් නම් කෙරේ.- පොහොට්ටු ප්‍රභලයෙක් මහින්දටත් අභියෝග කරයි. - (VIDEO)


මෙම සිසුවා A සාමාර්ථ 08ක් හා B සාමාර්ථයක් සහිතව අපොස සා පෙළ සමත් වී ඇති අතර නියමිත කාලයට වසරකට කලින් උසස් පෙළට සූදානම් වූ මොහුට විභාගය කරගැනීමට නොහැකි වෙතැයි බියක් තිබූ බවද ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ මොකද එක පාරටම වුණේ.? - ඩයලොග් ජාලයට මාරු වෙන්නැයි එයාටෙල් සිය පාරිභෝගිකයන්ට දැනුම් දෙයි.

මේ මොකද එක පාරටම වුණේ.? - ඩයලොග් ජාලයට මාරු වෙන්නැයි එයාටෙල් සිය පාරිභෝගිකයන්ට දැනුම් දෙයි.


මෙම සිසුවා ඔන්ලයින් පාඩම් වැඩිපුරම කර ඇති අතර පරිගණකය හා ජංගම දුරකථනය නිතර පරිහරණය කර ඇති බවත්, සිසුවා වීඩියෝ ක්‍රීඩාවට ඇබ්බැහි වී ඇති බවට සැක කරන බවත්, විභාගය පිළිබඳව සිතා සිටිමෙන් ඔහු මානසික ආතතිය හා දැඩි පීඩනයට ලක්ව සිටින්නට ඇති බවත් පොලිසිය පවසනවා.

දිවයින පුරා පාසල් වලට හෙට නිවාඩු ලබා දෙයිද? - පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්.

දිවයින පුරා පාසල් වලට හෙට නිවාඩු ලබා දෙයිද? - පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්.


GalleryGallery

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%