පාසල් දැරියක් දින 10ක් රඳවා ගෙන රංචු පිටින් කරපු කැත වැඩේ මාට්ටු වෙයි...දැරියට දැඩි ආරක්ෂාව.

Sri Lanka Education School student
By Aruna Apr 01, 2022 06:57 AM GMT
Report

සිය මව සමග ආරවුලක් ඇති කරගෙන නිවසින් පිටවී ගොස් සංගීත ප්‍රසංග භූමියක රැඳී සිටියදී බාලවයස්කාර පාසල් දැරියක රවටා රැගෙන ගොස් දින දහයක් තිස්සේ විවිධ ස්ථානවල බලහත්කාරයෙන් රඳවා ගනිමින් රංචු ගැසී ඇය බරපතළ ලෙස දූෂණය කර තිබෙනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් කැකිරාව සහ ඉපලෝගම පොලිස් ස්ථාන මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ සැකකරුවන් අටදෙනකු සහ අදාළ සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන හෝටල් කළමනාකාරිය අප්‍රේල් මස 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කැකිරාව වැඩබලන මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

ලිංගික අතවරයට ලක්වූ වින්දිත දැරිය දැඩි ආරක්ෂාව සහිතව පරිවාස භාරයට පත් කරන ලෙසට කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයේ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරී කරුණා කීර්තිරත්න මහතා නියෝග කළ විනිසුරුවරයා දැරිය අධිකරණ වෛද්‍ය නිලධාරියකු සහ විශේෂඥ මනෝ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කර අදාළ වෛද්‍ය වර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද වැඩිදුරටත් නියෝග කළා.

එම දැරිය අපයෝජනයට ලක් කිරීමට සම්බන්ධ අනෙකුත් සියලූම සැකකරුවන්ද වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට කැකිරාව සහ ඉපලෝගම පොලිස් ස්ථානයන්හි ස්ථානාධිපතිවරුන්ට ද වැඩබලන මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

වින්දිත දැරිය ඉකුත් 14 වැනිදා සිය මව සමග ඇති කරගත් ආරවුලක් හේතු කර ගෙන අමනාපවී නිවසින් පැන ගොස් ප්‍රදේශයේ සංගීත සංදර්ශනයක් පැවැති ස්ථානයක සිටියදී සැකකරුවන් කීපදෙනකු ඇය රවටා කැඳවා ගෙන ගොස් රංචු ගැසී බලහත්කාරයෙන් බරපතළ ලෙස දූෂණය කර ඇති බව අධිකරණය හමුවේ කරුණු දැක්වුණා.

සැකකරුවන් විසින් වින්දිත දැරිය කැකිරාව සහ ඉපලෝගම යන පොලිස් බල ප්‍රදේශවලට අයත් පැන්නුම, වලව්වේගම සහ කන්නන්මඩුව මෙන්ම තවත් ප්‍රදේශ කීපයක පිහිටි හෝටල් සහ නිවාස කීපයක දී දින 10ක පමණ කාලයක් බලහත්කාරයෙන් රඳවා ගෙන දූෂණය කර ඇති බවට අනාවරණය වී ඇතැයි පැවසූ පොලිසිය තම දියණිය ආ ගිය අතක් නොමැති බව පවසමින් ඇගේ මව විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අදාළව සිදු කළ විමර්ශනවලින් පසු සැකකරුවන් අත්අඩංගුවට ගත් බවත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

මේ අතර දූෂණය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කරනු ලබන තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now