පාසල් සිසුවෙක් මත්ද්‍රව්‍ය ශරීරගත වීමෙන් ජිවිතක්ෂයට

Jaffna Accident
By Aruna Nov 30, 2022 06:09 AM GMT
Report

අධිමාත්‍රාවකින් මත්ද්‍රව්‍ය ශරීරගත වීම හේතුවෙන් යාපනය - කෝපායි ප්‍රදේශයේ 15 හැවිරිදි සිසුවෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිව සිටි මෙම සිසුවාට හදිසියේ වැළැඳුණු හෘදයාබාදයක් හේතුවෙනුයි යාපනය ශික්ෂණ රෝහලට ඊයේ (29) ඇතුළත් කර ඇත්තේ.

කෙසේ වෙතත් එහි දී සිදු කළ පරීක්ෂණවල දී හෙළි වී ඇත්තේ, එම සිසුවා අධිමාත්‍රාවකින් මත්ද්‍රව්‍ය ශරීරගත වීමෙන් මිය ගොස් ඇති බවටයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now