පොත් ඇතුළු පාසල් උපකරණ සියයට 300න් ඉහලට

Sri Lanka Economic Crisis Sri Lanka
By Sewvandhi Nov 16, 2022 11:00 AM GMT
Report

පාසල් උපකරණ, අභ්‍යාස පොත් ඇතුළු ද්‍රව්‍යය සියයට 300කින් පමණ ඉහළ ගොස් ඇතැයි මවුපියන් චෝදනා කරති. මේ හේතුවෙන් ලබන වසර සඳහා පාසල් අභ්‍යාස පොත් ඇතුළු ද්‍රව්‍ය මිලදී ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇතැයි ද ඔවුහු පවසති.

රුපියල් 10 ක්ව පැවති පැන්සලක් රුපියල් 40 කටත්, පෑනක් රුපියල් තිහකටත්, රුපියල් පනස් පහක පැවති අභ්‍යාස පොතක් රුපියල් එකසිය විස්සේ සිටත් අලවි වන බවත් ඔවුහු සඳහන් කරති.

රුපියල් 1200 කට පැවති පාසල් සපත්තු සහ බෑග් රුපියල් 3000 කටත්, වතුර බෝතල් ආදී සියලු ද්‍රව්‍යයන් වල මිල දරා ගැනීමට නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි ද ඔවුහු කියති.

මෙයට අමතරව පාට පැන්සල්, පැස්ටල්, පැන්සල් පෙට්ටි, ආදී සියලුම ද්‍රව්‍යයන් වල මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි ද ඔහු තවදුරටත් පැවසූහ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now