සුරාබදු නිලධාරින් ගෙන් පාසල් සිසුන්ට පාවහන්
Sri Lanka
Sri Lankan Schools
By Sewvandhi
ඊයේ (10) කාලවිලකන්ද ප්‍රජා ශාලා පරිශ්‍රයේ දී අලුත්ගම සුරාබදු ස්ථානයේ නිලධාරීන් විසින් බේරුවල කාලවිලකන්ද ඇතුළු ග්‍රාම නිලධාරී වසම් තුනක ආර්ථික අපහසුතා ඇති පවුල්වලින් තෝරාගත් දරුවන් පිරිසකට පාසල් පාවහන් පරිත්‍යාග කිරීමේ උත්සවයක් සිදු කර තිබේ.
මෙම පාවහන් පරිත්‍යාගය සිදු කර ඇත්තේ, සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්වලට සමගාවීය.
බේරුවල ප්‍රාදේශීය ලේකම් රන්ජන් පෙරේරා, කළුතර දිස්ත්‍රික් සුරාබදු අධිකාරී සුගත් කොලොන්නේ මහතා සහ අලුත්ගම සුරාබදු ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරින් ගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්වී තිබේ.