පාසල් වලට අලුත් විෂයක්..විනය හදන සුපිරිම ක්‍රමයක්..

Education School subject Soudiarbhi
By Aruna Mar 30, 2022 07:02 AM GMT
Report

අලුත් ක්‍රීඩාව ගැන විශේෂ හඳුන්වාදීමේ දේශනයක්

පාසල්වලට ක්‍රීඩාවක් ලෙස ‘යෝගා’ හඳුන්වාදීමට සෞදි අරාබියේ බලධාරීන් තීරණය කර තිබෙනවා.

සෞදි යෝගා කමිටුවේ සභාපති නූෆ් අල්-මර්වායි ප්‍රකාශ කර ඇත්තේ සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් ඇති බැවින්, විෂය මාලාවේ කොටසක් ලෙස රටේ සියලුම පාසල්වලට යෝගා හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය සමග සහයෝගීතාවයක් ක්‍රියාත්මක කිරීමට සෞදි රජය සූදානම් බවයි.

ඒ අනුව පසුගියදා සිට සෞදි පාසල් ක්‍රීඩා සම්මේලනය අදාළ අනෙකුත් පාර්ශ්ව සමග එක්ව පාසල් ආශ්‍රිතව යෝගා වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන ආකාරය පිළිබඳව විශේෂ හඳුන්වාදීමේ දේශනයක් පවත්වනු ලැබීය.

සුදු අරාබියේ වාණිජ අමාත්‍යාංශය 2017 නොවැම්බර් මාසයේදී රට තුළ ක්‍රීඩාවක් ලෙස යෝග ඉගැන්වීම සහ පුහුණු කිරීම අනුමත කර ඇත.

දේශීය හා අන්තර්ජාතික මට්ටමින් සිසුන්ගේ ක්‍රීඩා සහභාගීත්ව මට්ටම ඉහළ නැංවීම මෙන්ම, තරුණ සෞදි ජාතිකයන්ගේ සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීමේ අභිලාෂයන් සහිතව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව බලධාරීහු වැඩිදුරටත් පෙන්වා දෙති.

ජංගම දුරකථන, ටැබ් සහ වෙනත් ඉලෙක්ට්‍රොනික උපාංග මත යැපෙන තාක්‍ෂණික යුගයක, අභ්‍යන්තරයේ ඇති දේ මෙනෙහි කිරීමට පුහුණු කළ යුතු බවත්, විනය ඇතිකර ගැනීමට සහ වැදගත් දේ සමග මනස පෝෂණය කිරීමට යෝග අභ්‍යාස කළ යුතු බව සෞදි රජයේ අදහස වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now