තවත් පාසල් සිසුවියක් අතුරුදන් - CCTV වලට හසුවූ දේ..

Ampara Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Jul 09, 2023 10:35 AM GMT
Report

පසුගිය 28 වනදා සිට අම්පාර ගල්මඩුව ප්‍රදේශයේ පාසල් සිසුවියක් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.

පාසලෙන් කළ විමසීමක දී අදාළ සිසුවිය පසුගිය 28 වනදා පාසල් ගොස් ඇති නමුත් ඇයගේ නම පාසල් නාමලේඛනයේ සටහන්ව නොමැති බව දැනගැනීමට ලැබීමත් සමග දෙමාපියන් විසින් පොලීසියට පැමිණිලි කර ඇත.

මේ පිළිබඳව අදහස් දැක්වු අතුරුදන් වූ දැරියගේ මව,

"දරුවා 28 උදේ තාත්තා එක්ක බයිසිකලයෙන් ඉස්කෝලේට ගියේ. එයාව ඉස්කෝලේ ඇතුළට දාලා තාත්තා ආපහු ගෙදර ආවා. 2.15 වෙද්දි ඉස්කෝලේ ඇරිලා එයා ආපහු ගෙදර එනවා. එදා ආවේ නෑ. ඊට පස්සේ 2.45ට විතර අපි ඉස්කෝලෙට කෝල් එකක් ගත්තා. ක්‍රීඩා ගුරුවරයා කිව්වා එදා 11 පන්තියේ අය තියා ගත්තේ නෑ කියලා. එතකොට කිව්වා දුවගේ නම එදා මාක් වෙලා නෑ කියලා. ඊට පස්සේ පැමිණිල්ලක් දැම්මා. අදට දවස් 12ක් වෙනවා කිසිම තොරතුරක් නෑ."

සචිනි සාවිනද්‍යා සමරතුංග නම් 16 හැවිරිදි එම දැරිය පාසල් නිල ඇඳුමින් මහ මඟ ගමන් ගන්නා අයුරු CCTV කැමරාවක ද සටහන්ව තිබුණි.