පාසලක පුස්තකාලයක් තුළදීම සිසුවියකට සිදුවූ අහස පොළව නුහුලන අපරාධය

Sri Lanka Child Abuse
By Sewvandhi Oct 05, 2022 02:13 PM GMT
Report

පාසලක පුස්තකාලයක් තුළදී 12 හැවිරිදි සිසුවියකට ලිංගික හිංසනයක් සිදුකිරීමේ සිද්ධියක් වාර්තා වී තිබේ.

මොරටුව නගර මධ්‍යයේ පිහිටා ඇති ආදර්ශ පාසලක 7වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියක් එම අවාසනාවන්ත සිද්ධියට මුහුණදී තිබේ.

එම සිසුවිය පොතක් රැගෙනඒම සඳහා පුස්තකාලයට ගිය අවස්ථාවේදී පුස්තකාලය භාරව කටයුතු කරන පුස්තකාලාධිපතිවරයා විසින් සිසුවියගේ අතින් අල්ලා ඉන්පසුව හිරිහැර සිදුකර ඇති බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් ළමාරක්ෂක දෙපාර්තමේන්තුවට දුරකථන මාර්ගයෙන් සිදුකරන ලද පැමිණිල්ලක් මත මොරටුව පොලීසිය විසින් එම පාසලේ 61 හැවිරිදි පුස්තකාලාධිපතිවරයාව අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකය


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now