සියලුම පාසල් දරුවන්ට වයස් කාණ්ඩ අනුව කරන්න යන දේ මෙන්න..

Ministry of Education Parliament of Sri Lanka Sri Lanka Politician Sri Lankan Schools Education
By Aruna Nov 16, 2023 07:57 AM GMT
Report

ලිංගික අධ්‍යාපනය නිවැරදිව ලබාදීම සඳහා නව විෂය නිර්දේශයක් සම්පාදනය කර තිබෙන බව වාර්තා වනවා.

වයස් කාන්ඩ අනුව එම විෂය නිර්දේශය සකස් කර ඇති බවයි, ළමයින් සඳහා පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී සංසදයේ සභාපති රෝහිණී විජේරත්න මහත්මිය පැවසුවේ.

ඇය‌ පෙන්වාදුන්නේ, දරුවන්ට ලිංගික අධ්‍යාපනය නිවැරදිව නොලැබීම නිසා ගැටළු රැසක් මේ වන විට පැනනැගී ඇති බවයි.

මේ අතර, ළමයින් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය සහ ළමයින්, කාන්තාවන් හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ළමා අපයෝජනය පිළිබඳ ගැටළු විසඳීම සඳහා නිර්දේශ ඇතුළත් වාර්තාව සකස් කර තිබේ.

එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමෙන් ළමා අපයෝජනය අවම කිරීමට සහ පාලනයට ප්‍රායෝගික අවස්ථාව ලැබෙන බවයි, රෝහිණී විජේරත්න මහත්මිය පැවසුවේ.