පාළු ගොඩනැගිල්ලක අමුතුම වැඩක් කළ පාසල් සිසු සිසුවියන්..

Sri Lanka Police Sri Lanka Police Investigation Sri Lankan Schools School Incident
By Sewvandhi Mar 31, 2024 03:21 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

පොලිසිය විසින්, වැලිමඩ ප්‍රදේශයේ අත්හැරදමන ලද පාළු ගොඩනැගිල්ලක මත්පැන් සාදයක් පැවැත්වූ පාසල් සිසු සිසුවියන් පිරිසක් සිය භාරයට ගෙන ඇත.

වැලිමඩ පොලීසිය වෙත ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ. එහිදී මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත්තේ, අදාළ පාළු ගොඩනැගිල්ලේ සාදයක් පවත්වමින් සිටි පාසල් සිසුන් පස්දෙනෙකු සහ පාසල් සිසුවියන් දෙදෙනෙකුයි.

මෙම පාසල් සිසු සිසුවියන් එම අවස්ථාව වනවිටත් අධික මිල ගණන් යටතේ අලෙවි වන මත්පැන් පානය කරමින් සිට ඇති බවයි, පොලීසිය පවසන්නේ.

ඔවුන්ගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ තමන් උපකාරක පන්ති වෙත පැමිණෙන බව සඳහන් කරමින් මෙම පාලු ගොඩනැගිල්ල වෙත පැමිණ මත්පැන් සාදයක් සංවිධානය කළ බවය.

එම ගොඩනැගිල්ලේ ඉබි යතුරු කඩා මෙම පිරිස ඒ තුළට පිවිස ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. වැලිමඩ පොලීසිය මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.