ප්‍රධාන පාසලක සිසුන් 54 ක් හදිසියේ රෝහල්ගත කරයි.. තවත් පිරිසක් ගිලන් රථ මගින් රැගෙන යමින් පවතී..(PHOTOS)
Ministry of Education
Sri Lanka
Western Province
Accident
By Aruna
පානදුර නගරයේ ප්‍රධාන ප්‍රාථමික පාසලක, පාසල් දරුවන් 54 දෙනකුට විෂ දුමක් ආග්‍රාහනය වීමෙන් රෝගී වී පානදුර මූලික රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.
පානදුර නගරයේ ප්‍රධාන ප්‍රාථමික පාසලක් අසල නිවෙසක තිබූ වයර් සහිත කසල ගොඩකට ගිනි තැබීමෙන් පසු එහි දුම සිසුන් ආග්‍රහණය කිරීම හේතුවෙනුන් මෙලෙස රෝගාතුරවී ඇත්තේ.
තවත් පිරිසක් මේ වන විට ගිලන් රථ මගින් රෝහලට රැගෙන යන බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.
සෙසු දරුවන් මවිපියන් පැමිණ නිවෙස්වලට රැගෙන යන බව ද පාසල් ආරංචි මාර්ග සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් පානදුර පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරයි. මීට අදාල ඡායාරූප පහතින් දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |

