බඳින තුවක්කුවක් පාසල් සිසුවෙකුට පත්තු වෙයි - බරපතළ තුවාල ලබා සිසුවා රෝහලේ..

Sri Lanka Police Sri Lanka
By krishani Nov 09, 2022 07:35 AM GMT
Report

බඳින තුවක්කුවක් පත්තු වී හම්බන්තොට - කටුවන සියාරපිටිය මහා විද්‍යාලයේ පාසල ආසන්නයේම ඉඩමක බැඳ තිබූ තුවක්කුවක් පත්තු වී සිසුවෙකුගේ පාදයට බරපතළ තුවාල සිදු වී ඇත.

ඉඩමේ හිමිකරු කටුවන පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර හම්බන්තොට කටුවන සියාරපිටිය මහා විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක් පාසල් ක්‍රීඩාංගණයේදී යහළුවන් සමග ක්‍රිකට් ඊයේ (08) ක්‍රීඩාකර තිබුණේ පස්වරුවේය.

එලෙස ක්‍රිඩා කරමින් සිටිය දී පන්දුව ක්‍රීඩාංගණය පිටුපස ඇති ප්‍රධාන මාර්ගයට යාබද ඉඩමට යෑම හේතුවෙන් සිසුවා එය රැගෙන ඒමට එම ස්ථානයට ගොස් ඇති අතර එහිදී එම ඉඩමේ අටවා තිබූ බඳින තුවක්කුවක් පත්තු වී සිසුවාගේ දකුණ කකුලට තුවාල සිදුවී ඇත.

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ සිසුවා අද (09) උදෑසන ශල්‍යකර්මයකට ද ලක්කෙරුණේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join