අද සිට රට පුරා පාසල් වලට අදාලව වැඩි කරන්න යන දේ මෙන්න..
Fuel Price In Sri Lanka
Ministry of Education
Fuel Price In World
Education
By Aruna
අද (01) සිට ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් පාසල් බස් ගාස්තු ඉහළ දමන බව අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය අවධාරණය කර සිටිනවා.
එම සංගමය තීරණය කර ඇත්තේ, සියයට දහයකින් සහ සියයට පහළවකින් මෙම ගාස්තු ඉහළ දැමීමටයි .
ඔවුන් සඳහන් කරන්නේ, කෙටි දුර සඳහා සියයට දහයකුත් දුර ගමන් සඳහා සියයට පහළොවකිනුත් මෙම ගාස්තු වැඩිවන බවයි.
මේ අතර, දුම්රිය පාර්සල් ප්‍රවාහන ගාස්තුව ද අද සිට 80%කින් ඉහළ දමා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.
ඒ, අනුව කිලෝග්‍රෑමයක පාර්සලයක් සඳහා මෙතෙක් අය කළ රුපියල් 50ක අවම ගාස්තුව රුපියල් 150 දක්වා ඉහළ දමා ඇති බවයි නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන්. ජේ. ඉදිපොල මහතා කියා සිටියේ.
Sponsored By Sarrita Jewellery