සිසු සැරිය බස් අනතුරේ නවතම තත්වය. (UPDATE/PHOTOS)
පාසල් ළමුන් රැගෙන එමින් තිබූ ලබුගම - කොළඹ සිසු සැරිය බස් රථයක් සහ ඇඹිලිපිටිය - කොළඹ මගී ප්රවාහන බස් රථයක් මෙලෙස මුහුණට මුහුණ ගැටී අනතුර සිදුවී තිබෙනවා.
පෞද්ගලික මගී ප්රවාහන බස් රථයේ කොන්දොස්තරවරයා බස් රථයක් ඉදිරිපස දොර අසල සිරවී සිටියදී ප්රදේශවාසීන් විසින් බේරාගෙන නවගමුව රෝහලට ඇතුලත් කර ඇති අතර රෝහල්ගත කළ ළමුන් අතුරින් 21දෙනෙකු ප්රතිකාර ලබා රෝහලින් පිටව ගොස් ඇති බවත් තවත් පාසල් ළමුන් 06 දෙනෙකු නේවාසිකව ප්රතිකාර ලබන බවත් නවගමුව දිසා රෝහලේ ප්රකාශකයෙක් කියා සිටියා.
නවතා තිබූ ඇඹිලිපිටිය කොළඹ මගී බස් රථයේ සිසු සැරිය බස් රථය ගැටී ඇතැයි සිදුකළ මූලික විමර්ෂණයේදී අනාවරණය වූ බවත් අපරික්ෂාරී ලෙස රිය ධාවනය සහ අනතුරක් වළක්වා නොගැනීම යන චෝදනා යටතේ සිසු සැරිය බස් රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
UPDATE
...................................................................................
කඩුවෙල රනාල ප්රදේශයේදී අද (19) පෞද්ගලික බස් රථයක් සහ සිසු සැරිය බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
කොළඹ සිට ලඹුගමුව දක්වා සිසුන් ප්රවාහනය කළ සිසු සැරියක් සහ ඇඹිලිපිටියේ සිටි කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස මුහුණට මුහුණ ගැටී ඇත.
එම අනතුරෙන් පාසල් ළමුන් 20 දෙනෙකු පමණ තුවාල ඇති අතර ඔවුන් නවගමුව රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.