පාසල් බෑග් සහ සපත්තු මිල පහළට..
Ranjith Siyambalapitiya
Sri Lanka
Businessman
Sri Lankan Schools
By Sewvandhi
අද (27) මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී පාසල් සපත්තු සහ බෑග් මිල 10% කින් පහත දැමීමට නිෂ්පාදකයන් තීරණය කර ඇති බව අනාවරණය වූ බව වාර්තා වී ඇත.
එනම් මෙහිදී වාර්තා වන්නේ, පාසල් සපත්තු සහ බෑග් නිෂ්පාදකයන් සමඟ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවත්වන ලද දීර්ඝ සාකච්ඡා වට කීපයකින් අනතුරුව නිෂ්පාදකයන් විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කර්මාන්තකරුවන් ප්‍රකාශ කර ඇත්තේ, දැනට වෙළෙඳපොළේ පවතින තොගද නව මිල සංශෝධනය යටතේ ලබාදෙන බවයි.
ඒ අනුව, එම වාසිය සුවහසක් පාසල් දරුදැරියන් වෙනුවෙන් ලබාදීම පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා කර්මාන්තකරුවන්ට ස්තූතියද පළකර තිබේ.