5 වසර ශිෂ්‍යත්ව විභාගයට එකවරම සිදු වූ දේ..දරුවන් සහ ගුරුවරුන් දැඩි අපහසුතාවයට..
විෂය නිර්දේශ ආවරණය සඳහා ප්‍රමාණවත් කාලයක් නොලැබෙන හෙයින් මෙම වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට දැඩි අපහසුතාවන්ට මුහුණ දීමට සිදු වී තිබෙන බව වාර්තා වනවා.
වෙනත් වසරවල විෂය නිර්දේශ ආවරණය සඳහා අවම වශයෙන් මාස අටක පමණ කාලයක් ලැබෙන නමුත් මෙම වසරේ එම කාලය මාස හයකටත් අඩු වීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි පැවසෙන්නේ.
ගණිතය පාඩම් තිහක්, මව් භාෂාව පාඩම් විස්සක් සහ පරිසරය පාඩම් පහළොවක් අගෝස්තු මාසයට පෙර අවසන් කිරීමට කිසිසේත් හැකියාවක් නොමැති බවයි ගුරුවරු පවසන්නේ.
මෙම වසරේ පළමු පාසල් වාරය ආරම්භ කෙරෙන්නේ මෙම මස 19 වැනිදා වන අතර පසුගිය වසරවලදී මෙන් මෙම වසරේදී ජාතික විභාග කල් නොදැමීමටද අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ
එහෙයින් විභාගය අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතයි.
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට අදාළ කරගන්නා පාඩම් ප්‍රමාණය සීමා කිරීම හැර මෙම තත්ත්වයට වෙනත් විසඳුමක් නොමැති බවයා ගුරුවරු සඳහන් කරන්නේ.
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ව්‍යුහයේ වෙනසක් ඇති කරන බව අමාත්‍යාංශය මීට පෙර ප්‍රකාශ කර තිබෙන නමුත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් නිශ්චිත ක්‍රමවේදයක් ප්‍රකාශයට පත්කර නොමැති බවත් යම් ආකාරයක හෝ සංශෝධනයක් කරන්නේ නම් ඒ පිළිබඳ පූර්ව දැනුවත් කිරීමක් අත්‍යවශ්‍ය බවද ඔවුහු පවසයි.
Sponsored By Sarrita Jewellery