මෙරටින් විදේශගත වූ උගතුන් ගැන ඇහෙන සංවේදී කතාවක්.
Sri Lanka
By krishani
මෙරටින් විදේශගත වූ උගතුන් දහසකට අධික පිරිසක් අවන්හල්වල, ඉන්ධන පිරවුම්හල්වල සහ සුපිරි වෙළෙඳසල්වල සේවය කරන බවට තොරතුරු වාර්තා වේ.
ඒ බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කළේ ය.
කොරෝනා වලින් පසු මෙරටින් විදේශගත වන ප්‍රමාණය වැඩි වූ බව වාර්තා වේ.
එමෙන්ම මෙයට හේතුව වී ඇත්තේ තමන්ගේ වෘත්තීයට ගැලපෙන රැකියා සොයා ගැනීමට නොහැකි වීමයි.
වෛද්‍ය වෘත්තිකයන් බොහොමයක් විදේශ රටවල වෛද්‍ය වෘත්තියේ නියැලී සිටින බව සඳහන් වේ.
ඒ අතර විශේෂඥ වෛද්‍යවරුන්,සාමාන්‍ය වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය වෘත්තිකයන් වැඩි පිරිසක් එංගලන්තය, ඕස්ට්‍රේලියාව යන රටවල සේවය කරන බව වාර්තා වේ.