දිවයින පුරා අද සිට ක්‍රියාත්මක කළ දෙය - මේ දේ නම් අනිවාර්යයයි..

Sri Lanka Food Crisis Ministry of Consumer Affairs Authority Latest Headlines Decision Making
By krishani Feb 05, 2024 12:23 PM GMT
Report

අද (05) සිට මුළු දිවයිනම ආවරණය වන පරිදි නිශ්චිත බර සඳහන් කරමින් පාරිභෝගික අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව පාන් අලෙවි නොකරන වෙළෙඳුන් සොයා වැටලීම් ආරම්භ කර ඇත.

දිවයින පුරා අද සිට ක්‍රියාත්මක කළ දෙය - මේ දේ නම් අනිවාර්යයයි.. | Scales Are Mandatory In The Sale Of Bread

ඒ අනුව පාන් අලෙවි කරන සෑම වෙළෙඳසැලකම පාරිභෝගිකයාට බර මැනිය හැකි පරිදි ප්‍රමිතියෙන් යුත් තරාදියක් තිබිය යුතු ය.

ඒ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කළේ ය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනය අනුව පාන් ගෙඩියක තිබිය යුතු බර ග්‍රෑම් 450ක් වේ.

ඉන් අඩු විය හැකි උපරිම බර ප්‍රමාණය ග්‍රෑම් 13.5ක් ලෙස දක්වා තිබෙනවා.

එමෙන්ම පාන් භාගයක බර ග්‍රෑම් 225ක් විය යුතු අතර අඩු විය හැකි උපරිම බර ප්‍රමාණය ග්‍රෑම් 9ක් වේ.

කෙසේ වෙතත්, ගැසට් නිවේදනය අනුව නියමිත බරින් යුතුව පාන් අලෙවි කරන්නේ ද යන්න සොයා බැලීම සඳහා අද සිට නිලධාරීන් යොදවා ඇත.