ගෑස් ඉතිරි කරන හොඳම විධි මෙන්න.
ගෑස් හිඟයට ගොඩක් දෙනෙක් මුහුණ දෙනවනේ. හැබැයි ඉතින් ඒ ප්‍රශ්නයට පුංචි හරි සහනයක් තියෙන ඔබ පුළුවන් තරම් විදුලිය වගේම ගෑසුත් ඉතිරි කළොත්. ඉතින් අපි බලමු කොහොමද කාලයක් ගෑස් සිලින්ඩරයක් පාවිච්චි කරන්නේ කොහොමද කියලා.
🔆 සාමාන්‍යයෙන් ගෑස් උඳුනක කාර්යකෂමතාවය 40% - 60% ත් අතර පවතිනවා. එය දර ලිප් වර්ග සමඟ සැසඳීමේ දී ඉතා ඉහළ කාර්යකෂතාවයක්.
🔆 උඳුනකින් නිකුත්වන ගිණිදැල්ල නිල් පාට දැල්ලක් ලෙස තබාගත යුතුයි. කහ පාටට දැල්ල නිකුත් වීම අකාර්යකෂමතාවයකි. කහ දැල්ලක් වැඩිපූර නිකුත් වේ නම් ගෑස් උඳුන වටින් ඇති වා කවුළු නිසියාකාරව සකසා නැවත නිල් දැල්ලක් ලබාගන්න.
🔆 අනෙක් අතට ගෑස් උඳුන නිතරම පිරිසිදුව තබාගන්න. උඳුනේ දැල්ල පිටවන සිදුරු කුණූ රොඩූවලින් වැසී ඇති විට ගෑස් දහනය අකාර්යකෂම වෙනවා. එම සිදුරු විශාල වී ඇත්නම් හෝ කැඞී බිඳී ඇති විට එම කොටස (බර්නරය) අලුතින් සවි කරන්න.
🔆 ආහාර පිසීමේදී ගෑස් සිලින්ඩරය කාර්යකෂමව භාවිත කරන්න වග බලාගන්න. එය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න පුරුදු වෙන්න.
🔆 ධාන්‍ය වර්ග පිසීමට ප්‍රථම ජලයේ පොගවා ගැනීමෙන්, එවැනි ආහාර ඉක්මණින් පිසගත හැකියි. ඒ තුළින් විශාල ගෑස් ප්‍රමාණයක් ඉතිරි කරගන්න පුළුවන්.
🔆 පිසීමට ගන්නා ආහාර ප්‍රමාණයට සරිලන භාජන තෝරා ගැනීම ද ඉතා වැදගත. ආහාර ස්වල්පයක් සැකසීමට විශාල බඳුන් යොදා ගැනීම තුළින් බඳුන් රත්වීමට විශාල තාපයක් වැය වන නිසා ගෑස් විශාල ප්‍රමාණයක් අපතේ යනවා.උඳුනේ ප්‍රමාණයට වඩා කුඩා භාජන භාවිතයත් හොඳ නැහැ.,මොකද නිකුත්වෙන තාපය වැඩි ප්‍රමාණයක් නිකරුනේ වාතයට එකතු වෙනවා.
🔆 ගෑස් පරිභෝජනය දරවලට වඩා ඉතා පරිස්සමෙන් කළ යුතුයි.
🔆 ගෑස් සිලින්ඩර් ප්‍රවාහනයේදී මෙන්ම නිවසේ තැම්පත් කර තබන අවස්ථාවල ද එය උඩ අතට සිටින සේ තැබිය යුතුයි.
🔆 එක් සිලින්ඩරයක් අවසන්ව අලූත් සිලින්ඩරයක් සවිකරන සෑම අවස්ථාවකම රෙගියූලේටරය සහ ගෑස් උඳුන් කරා සම්පේ‍්‍රෂණය කරන නලය පළුදු වී තිබේදැයි පරීකෂා කර බැලිය යුතුයි.
🔆 ගෑස් වෙළඳාමට නිකුත් කිරීමට ප්‍රථම ඒ හා විශේෂ සූවඳක් මිශ්‍ර කරයි. මේ නිසා ගෑස් කාන්ඳුවක් හොඳින් හඳුනාගත හැකයි. නිවසේ මූළුතැන්ගෙයි ගෑස් සුවඳක් පැවතිය හොත් එය ගෑස් කාන්දු වීමක්.
🔆 එවැනි අවස්ථාවක මූළුතැන්ගෙයි දොර ජනෙල් විවෘත කරන්න. ලයිටර් සිගරටි වැනි ද්‍රව්‍ය භාවිත නොකරන්න.
🔆 ගෑස් සිලින්ඩරය මූළුතැන්ගෙයින් පිටත තබා එහි සිට ගෑස් උඳුනට ලබා ගැනීමට බිත්තිය හරහා නලයක් යොදා ගැනිම ආරක්ෂාකාරී ක්‍රමයක්.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |