ලංකාවේ සවින්ද්‍රි පෙරේරා මාස්ටර්චෙෆ් ඔස්ට්‍රේලියා තුන්වන ස්ථානය හිමි කරගනි..(PHOTOS)

Australia Tourism Master
By Sithumini Jul 16, 2024 09:31 AM GMT
Report


මෙවර ''MasterChef Australia'' තරගාවලියේ අවසන් තිදෙනා අතරට පැමිණීමට ශ්‍රී ලාංකීය තරගකාරියක් වන සවින්ද්‍රි පෙරේරා සමත්වුණා.  

ඒ ඇයට මෙම තරගාවලියේ එක් වටයකදී ඉවත් වීමට ද සිදුව තිබූණු නමුත් ඇයගේ කෑම සැකසීමේ සුවිශේෂී දක්ෂතා සහ ඉදිරිපත් කිරීමේ හැකියාවන් හේතුවෙන් නැවත තරගය සඳහා අවතීර්ණ වීමට විනිශ්චය මණ්ඩලය ඇයට අවස්ථාව ලබා දීමත් සමගයි.

  ඒ අනුව සවින්ද්‍රි සකස් කරන ලද ලාංකීය ආහාරවලට විනිසුරුවන් අතිශයින් ප්‍රිය කිරීම හේතුවෙන් ඇයට මෙම අවස්ථාව ලැබී තිබුණු අතර 'ඇය නැවතත් තම හදවත්වලට පිවිසිණු බවයි' විනිසුරුවරුන් සඳහන් කළේ.  ඇය මෙම තරගාවලිය පුරාවටම 'හෙළ රස' ලෝකයට අරන් යාමට දැරූ උත්සාහ ලර තිබුණා.   

GalleryGalleryGalleryGalleryGallery