ලංකා සතොසෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 11ක මිල පහළට
Lanka Sathosa
Latest Headlines
Sinhala news
Puwath.lk
By R.rishma
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ උපදෙස් පරිදි හෙට (24) සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල අඩු කිරීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබේ.
ඒ අනුව, දිවයින පුරා පිහිටි සියලුම ලංකා සතොස අලෙවිසල්වලින් පාරිභෝගිකයින්ට අදාළ භාණ්ඩ සහන මිල ගණන් යටතේ මිලදී ගැනීමේ අවස්ථාව හිමිවනු ඇත.
මිල අඩු කරන ලද භාණ්ඩ ලැයිස්තුව සහ නව මිල ගණන් ලංකා සතොස විසින් වෙනම නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.