අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල හෙට සිට පහළට..!

Food Shortages Sri Lanka Lanka Sathosa Sri Lanka Food Crisis
By Sewvandhi Feb 01, 2023 01:16 PM GMT
Report

සතොස ආයතනය මගින් තම පාරිභෝගික ජනතාවට සහන සලසා දීමේ අරමුණ පෙරදැරිව අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හතරක මිල පහළ දමා තිබෙනවා

ඒ අනුව මෙලෙස පහළ දමා ඇති භාණ්ඩ වන්නේ වියළි මිරිස්, ලොකු ලූනු, රතු කැකුළු, පාන්පිටි යන භාණ්ඩයි.

ඒ අනුව ඉහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල දිවයින පුරා සියලු ලංකා සතොස අලෙවි සැල් මගින් මෙම භාණ්ඩ පාරිබෝගිකයින්ට ලබා ගත හැකි වනවා.

ඒ අනුව රතු කැකුළු කිලෝග්‍රෑමයක මිල රු.10 කින් අඩු කර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රු.169 ක් ලෙසයි.

එමෙන්ම වියළි මිරිස් කිලෝග්‍රෑමයක මිල රු.25 කින් අඩු කර ඇති අතර එහි නව මිල රු.1675 ක්.

ලොකු ළූණු කිලෝග්‍රෑමයක මිල ද රු. 15 කින් අඩු කර ඇති අතර නව මිල රු.165 ක් වනවා

. මීට අමතරව පාන් පිටි කිලෝග්‍රෑමයක මිල රු.5 කින් අඩු කර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රු.230 ක් ලෙසයි.

හෙට (2) සිට එම මිල අඩු කිරීම ක්‍රියාත්මක වනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now