අද සිට ක්‍රියාත්මක, සතොසෙහි විශේෂ මිල අඩු කිරිම.

Sri Lanka Lanka Sathosa Economy of Sri Lanka
By krishani Jun 30, 2023 04:13 AM GMT
krishani

krishani

in ආහාර
Report

අද (30) සිට, ලංකා සතොස ආයතනය විසින් සහල් වර්ග 3 ක මිල පහත හෙළා තිබෙනවා.

ඒ අනුව සුදු කැකුලු සහල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 10 කින් අඩුකර ඇති අතර, එහි නව මිල වන්නේ රුපියල් 165 ක් වේ.

සුදු නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් හතකින් අඩුකර ඇති අතර ඒ අනුව නව මිල වන්නේ රුපියල් 168ක් ය.

එමෙන්ම රතු කැකුළු කිලෝවක් රුපියල් 2 කින් අඩු කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 135 ක් ය.