උපාධි සහතිකය ලබා නිවසට පැමිණ සිටි තරුණියකගේ මළ සිරුර සොයාගැනේ..!
යාපනය,වඩ්ඩුකෝඩ්ඩෙයි පොලීසිය පවසන්නේ, යාපනය, සුළිපුරම් ප්‍රදේශයේ පදිංචි තරුණියකගේ මළ සිරුරක් සිය නිවසේ තිබියදී සොයාගත් බවයි.
පසුගිය 27 වැනිදා පැවති සබරගමුව විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයේදී උපාධි සහතිකය ලබා නිවසට පැමිණ සිටි තරුණියකගේ මළ සිරුරක් එලෙස නිවසේ තිබී 28 වනදා සොයගත් බවයි, පොලීසිය පැවසූවේ.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, යාපනය, සුළිපුරම් ප්‍රදේශයේ පදිංචි සට්කුනරත්නම් කෞෂි නමැති තරුණියකි. ප්‍රදේශවාසීන් පැවසුවේ, තරුණියගේ දෙමාපියන් වෙන්ව ජීවත්ව ඇති අතර, තරුණියගේ උපාධි ප්‍රධානෝත්සවය වෙනුවෙන් දෙමාපියන් දෙදෙනා පැමිණ සිටි බවත්ය.
උපාධි ප්‍රධානෝත්සවයෙන් අනතුරුව දෙමාපියන් අතර යම් ආරවුලක් හටගෙන ඇති අතර, ඉන් සිත් තැවුලට පත් තරුණිය සියදිවි නසාගැනීමට ඇති බවද ප්‍රදේශවාසීහු සඳහන් කරති.
මියගිය තරුණියගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහල් මෘත ශරීරාගාරයට යොමුකොට ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වඩ්ඩුකෝඩ්ඩෙයි පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.