විෂ දුම ආග්‍රහණය වීමෙන් පාසල් සිසුන් හා ගුරුවරුන් රෝහලේ (VIDEO)
Sri Lanka
Sri Lanka Police Investigation
Accident
By Sewvandhi
පුස්සැල්ලාව සරස්වතී දෙමළ මහ විදුහලේ විද්‍යාගාරයේ, රසායනික ද්‍රව්‍ය අඩංගු බෝතලයක් පුපුරා යාමෙන් එහි දුමාරය ආග්‍රහණය වී සිසුන් පස් දෙනෙකු හා ගුරුවරුන් තිදෙනෙකු ප්‍රතිකාර සඳහා පුස්සැල්ලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළ කර තිබෙනවා.
උසස් පෙළ සිසුන් පිරිසක් සහ ගුරුවරුන් පිරිසක් අද (21) විද්‍යාගාර පරීක්ෂණයක නිරතව සිටිය දී රසායනික ද්‍රව්‍යක් අඩංගු බෝතලයක් බිම වැටී පුපුරායාමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි වාර්තා වෙන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොල අධ්‍යාපන කාර්යාලයට දැනුම් දීමට පියවර ගෙන ඇති අතර වැඩිදුර විමර්ශණ පුස්සැල්ලාව පොලිසිය සිදු කරනවා.
(වීඩියෝ - හිරු නිවුස්)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |