" බබා හම්බෙන්න කලින් ක්ලාසස් කළා. ඉගෙන ගත්තා.මම පම්ප් කරලා පෙව්වා. සමහර වෙලාවට කිරි මදි."

Dinakshie Priyasad Saranga Disasekara SL Actress Gossips
By Wayomi Nov 16, 2022 10:41 AM GMT
Report

කලා ලෝකයේම වගේම සමාජ මාධ්‍ය තුළ නිරන්තර කතා බහට ලක්වන චරිත දෙකක් තමයි සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ.දැන් කලකට පෙර පවුලට එකතු වූ පුංචි මල් කකුලත් සමඟ එයාලා සතුටින් ඉන්නවා කියලා තමයි අපිට නම් පෙන්නේ.

ඉතින් පසුගිය දිනකදී දිනක්ෂි එක් වූ එක්තරා යූටියුබ් මාධ්‍ය සාකච්චාවකදී මව් පදවියේ දී ඇය විඳි ඒ, සුන්දර අත්දැකීම් ගැන කියලා තිබ්බේ මේ විදිහට.

“ඇත්තටම මට මුල මාස 5ක් යනකන් කන්න බැරුව හිටියා. මුල මාස 3ම කෑවේ තියා වතුරවත් බිව්වෙ නැති තරම්. ඒක එක එක්කෙනාට වෙනස්. මම හරි අමාරු කාල පරිච්ඡේදයක් තමයි ගත කළේ. එක දවසක් මට මතකයි සේලයින් 12ක් nonstop දුන්නා. සෑහෙන්න weak වුණා. ගොඩක් කෙට්ටුම වුණා. ඉතින් ඇත්තටම සාරංග ඒ වෙලාවේ ගොඩක් මට උදව් කළා. අම්මි තමා කෑම කැව්වේ. මම බබා හම්බෙන්න කලින් ක්ලාසස් කළා. ඉගෙන ගත්තා. පස්සෙ මම පම්ප් කරලා පෙව්වා. සමහර වෙලාවට කිරි මදි. මට ඕන වුණේ බබාට අවශ්‍ය පෝෂණේ දෙන්න. සමාජයට කියන්න පුළුවන් ගොඩක් දේවල්. ඒත් හිතන්නකෝ කිරි නැත්තම් මොකද කරන්නේ? කිරි නැත්තම් බබාව බඩගින්නෙ තියන්න බෑනේ. ඒ වෙලාවේ අතවශ්‍ය තීරණය අපි ගන්න ඕනි.

මම සෑහෙන්න අඬලා තියෙනවා. සාරංගත් අඬනවා. අපි දෙන්නා බදාගෙන අඬලා තියෙනවා. සාරංගගේ ඒ support එක නැත්තම් මම සෑහෙන්න වැටෙන්න තිබ්බා. මම husbandලට කියන්නෙ ඒ දවස්වල wife ව තදින් අල්ලන් ඉන්න”

ඉතින් ඇයගේ සියලුම ඉදිරි අනාගත කටයුතු සාර්ථක වේවා කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW