සපුගස්කන්ද විදුලි ජනනය නවතී - අද රට පුරාම විදුලි කප්පාදුවක්..?
දැවි තෙල් නොමැතිව සපුගස්කන්ද බලාගාරයේ විදුලි ජනන කටයුතු නතර වී තිබෙන බව විදුලිබල මණ්ඩලය පවසනවා.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මෙට්‍රික් ටොන් 900 ක් සැපයීම මේ වන විට ආරම්භ කර ඇති බවයි එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමිනි මහතා පවසුවේ.
අද දිනයේ රට තුළ විදුලිය කප්පාදුවක් නොකර සිටීමට උත්සාහ කරන බව ද ඔහු සඳහන් කළා.
හදිසි අවශ්‍යතාවක් ඇති වුවහොත් විදුලි කප්පාදුවක් සිදුකරන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තුව සංකීර්ණයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ එවැනි තත්වයකදී විදුලි කප්පාදුව සිදුකරන ප්‍රදේශ ඇතුළත් කාලසටහන පිළිබදව අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරන බවයි.
එමෙන්ම තාප බලාගාරවල විදුලි ජනනය සඳහා අවශ්‍ය ඉන්ධන ලබාගැනීම සඳහා ලංකා අයි.ඕ.සී. සමාගම සමඟ අද සාකච්ඡා කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
කෙසේ වෙතත් ලංකා අයි.ඕ.සී. සමාගම ප්‍රකාශ කළේ ඉන්ධන මිලදී ගැනීමේදී, තමන්ද ඛනිජ තෙල් සංස්ථාව මෙන් ණයවර ලිපි විවෘත කිරීමේ ගැටළුවකට මුහුණ දෙන බවයි. මේ නිසා මෙරට එල්.අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන සැපයීමට මේ මොහොතේ ප්‍රමුඛත්වයක් ලබාදෙන බවද සමාගම අවධාරණය කළා.
මේ අතර විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන අයි.ඕ.සී. සමාගමෙන් ලබාගැනීමේ විදුලිබල අමාත්‍යවරයාගේ සැලසුම පිටුපස මෙරට තාප විදුලි බලාගාර ඉන්දියාව සතු කිරීමේ වැඩපිළිවෙළක් ඇතැයි විදුලි වෘත්තීය සමිති චෝදනා කරනවා.
පවතින විදුලි අර්බුදය හමුවේ මේ වන විට විදුලි ඉංජිනේරුවන් ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකද නිරත වනවා. පවතින විදුලි අර්බුදය පාලනය කර ගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය දැවිතෙල් මෙට්‍රික් ටොන් 3000ක් කැලණිතිස්ස බලාගාරයට පසුගියදා ලැබී තිබුණත් එම ඉන්ධන ප්‍රමාණවත් වන්නේ අද දිනයට පමණයි.
ඒ අනුව අවශ්‍ය ඉන්ධන නොලැබුණහොත් ලබන 22 වැනිදා දක්වා ප්‍රමාණවත් විදුලි උත්පාදනයක් ඇතිකිරීම ගැටලු සහගත වී තිබෙනවා. විදුලිබල මණ්ඩලයට මින් ඉදිරියට ඉන්ධන ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අනිවාර්යයෙන්ම ඩොලර් ලබාදිය යුතු බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විදුලිබල මණ්ඩලයට නිල වශයෙන් දැනුම් දුන්නේ.
කෙසේ වෙතත් අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට විකල්ප ක්‍රියාමාර්ග සොයමින් සිටින විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසුවේල ඉදිරි දින කිහිපය සඳහා අවශ්‍ය ඉන්ධන අයිග ඕග සීග සමාගමෙන් ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි. එමෙන්ම අවශ්‍ය ඩොලර් ලබා ගැනීමේ කටයුතු සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරය සහ මුදල් අමාත්‍යාංශය සමඟ අද සාකච්ඡා කරන බවද විදුලිබල අමාත්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
පවතින අර්බුදය මධ්‍යයේ ලංකා විදුලි ඉංජිනේරු සංගමය අද ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැලෙන අතර විදුලිබල මණ්ඩලය ඉදිරිපිට ඔවුන් විරෝධතාවකද නිරත වුණා. විදුලි ඉංජිනේරුවන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වීමට හේතු වී ඇත්තේ විදුලිබල මණ්ඩලයේ පත්කිරිම් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවක්.
මේඅතර, අබුඩාබියේ දී එල්ල වූ ඩ්‍රෝන් ප්‍රහාරයෙන් අනතුරුව මැදපෙරදිග තෙල් සැපයුම පිළිබඳව මතුව ඇති අවිනිශ්චිතතාවය හේතුවෙන් ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල වසර 7 කට පසුව අද ඉහළම අගයට පත්වුණා.
අබුඩාබි ප්‍රහාරයෙන් පසු ඉරාන සන්ධානය සහ සෞදි සන්ධානය අතර ඇතිවී තිබෙන උණුසුම්කාරී වාතාවරණය හේතුවෙන් තෙල් සැපයුම අඩුවිය හැකි බවටයි අපේක්ෂා කෙරෙන්නේ.
මේ නිසා බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් අද ආසියානු වෙළෙඳ පොළේ අලෙවි වූයේ ඩොලර් 86.92 ක මිලකටයි. එමෙන්ම අමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල ද සටහන් වූයේ ඩොලර් 84ග62 ක් ලෙසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |