සංජු සැම්සන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමෙන් ඉවත් වීමේ තීරණයක
IPL තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ දීර්ඝ කාලීන ක්‍රීඩකයෙකු මෙන්ම වත්මන් නායකයාද වන සංජු සැම්සන් එම කණ්ඩායමෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔහු සිය යෝජනාව කණ්ඩායම් පාලනාධිකාරියට දැනුම් දී ඇති අතර ඒ පිළිබඳ අවසන් තීරණය මෙතෙක් ප්‍රකාශ කර නොමැති බවයි වාර්තා වන්නේ.
සැම්සන් කණ්ඩායමෙන් නිදහස් කරනවා නම් එළැඹෙන තරගවාරයට අදාළ වෙන්දේසියට පෙර එම තීරණය යුතුව තිබෙනවා. ඒ අනුව සංජු සැම්සන්ගේ ඉල්ලීම පිළිගෙන ඔහුව නැවත වෙන්දේසි සංචිතයට මුදා හරිනවාද නැතහොත් වෙනත් තීරණයක් ගන්නවාද යන්න පිළිබඳ අවසන් තීරණය ගැනීමේ වගකීම තිබෙන්නේ කණ්ඩායම් හිමිකරුවන්ටයි.
පසුගිය වසරේ පැවැති ක්‍රීඩක වෙන්දේසියට පෙර ඔහුව රඳවා ගත් අතර, ඒ හේතුවෙන් ඉදිරි වාර දෙක සඳහා ද රාජස්ථාන් හිමිකරුවන්ට ඔහුව රඳවා ගත හැකියි.
ඒ අනුව රාජස්ථාන් හිමිකරුවන් සැම්සන්ව නිදහස් කිරීම ප්‍රතික්ෂේප කළහොත්, IPL නීතිරීති අනුව ඔහුට වසර තුනක ගිවිසුම අත්සන් කර ඇති තම කණ්ඩායම සමගම රැඳී සිටීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි ක්‍රීඩා විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
2013 වසරේ දී IPL වරම් හිමිකරගත් සංජු සැම්සන් මේ වනවිට ඉනිම් 172ක් ක්‍රීඩාකර ලකුණු 3383ක් රැස්කරගෙන සිටියි. ඊට ශතක 3ක් හා අර්ධ ශතක 26ක් අන්තර්ගතව ඇතුළත්