ලෝකේ ඉන්න ආදරණීයම යුවල ඔවුන්ගේ පළමු ඇනිවසරි එක හැමෝම පුදුම කරමින් ජයටම සැමරුවේ මෙහෙමයි හැමෝම හොයපු වීඩියෝ එක (VIDEO/PHOTOS)

Gossip Today SL Actress Gossips
By Sithumi Jan 14, 2023 05:05 PM GMT
Report

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ අතිශයින් කතා බහට ලක්වෙන ආදරණීය සුන්දර යුවලක් තමයි සුරූපී නිලියක් මෙන්ම ජනප්‍රිය නිවේදන ශිල්පිනියක්ද වන දිනිති වල්ගමගේ සහ ජනප්‍රිය කඩවසම් නළු සංගීත් සතරසිංහ කියලා කියන්නේ.  

ඉතින් මේ රටක් ආදරය කරන ආදරණීය යුවලගේ පළමු සංවත්සරය ඊයේ දිනයට යෙදිලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් මේ ආදරණීය දවසක කවදාවත් අමතක නොවෙන දවසක් කරන්න සංගීත් දිනිතිව පුදුමයට පත් කරමින් අපූරු සප්‍රයිස් එකක් දීලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.  

ඉතින් සංගීත් උදේම දිනිති නැගිටින්නත් කලින් ඇයගේ ගෙදර ගිහින් ඇය නිදාගෙන ඉද්දි ඇඳ වටේට රෝසමල් තියලා මුළු කාමරේම බැලුම් බෝල එල්ලලා දිනිතිව පුදුම කරන්න ලොකු මහන්සියක් අරගෙන තිබුණා. ඒ වගේම ලස්සන කේක් එකකුයි මල් පොකුරකුයි අතේ තියාගෙන සංගීත් දිනිතිව එක පාරටම ඇහැරවලා ඇයව පුදුමයට පත් කළා. ඉතින් මේ අපූරු සිදුවීම සංගීත් ඔහුගේ යූ ටියුබ් නාලිකාවටත් එකතු කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.  

ඉතින් වෘත්තියෙන් ගුවන් සේවිකාවක් වන දිනිති මේ දවස් වල ‘සුසුම් රස්තියාදුව’ සහ BTS කියන ටෙලිනාට්‍ය දෙකට රංගනයෙන් දායක වෙනවා. කොහොම නමුත් දැන් දිනිති හැමදේම කරන්නේ සංගීත්ගෙන් අහලා කියලත් ඇය පහුගිය දවසක පුවත්පතකට පවසලා තිබුණා.  

කොහොම නමුත් මේ ආදරණීය යුවල ගැන පහුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ අතිශයින් කතා බහට ලක්වුණේ සංගීත් දිනිති අරගෙන දීපු කෝටිගානක් වටිනා බෙන්ස් රථය නිසයි. ඉතින් 2023 අලුත් අවුරුද්ද වෙනිවෙන් තමයි සංගීත දිනිතිට ඒ විදිහ ලොකු තෑග්ගක් අරගෙන දීලා තිබුනේ.  

ඒ වගේම මේ ආදරණීය යුවල මේ අවුරුද්දේ අනිවාර්යයෙන්ම විවාහ වෙනවා කියලත් දිනිති පහුගිය දවසක පුවත්පතකට පවසලා තිබුණා. ඉතින් ඊයේ දින පළමු සංවත්සරය සමරපු මේ ආදරණීය යුවලට අපිත් හදවතින්ම සුබ පතන ගමන් හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.  


GalleryGalleryGalleryGalleryGallery