මියගිය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ අවසන් කටයුතු සිදු කිරිම ගැන දැනුම්දීමක් මෙන්න..
Sri Lanka Politician
Death
Sanath Nishantha
By krishani
කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් ජිවිතක්ෂයට පත් ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ අවසන් කටයුතු පිළිබඳව දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව හෙට (28) රාජකදලුව රෝමානු කතෝලික සුසාන භූමියේ දී ඒ මහතාගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි.
ඒ මහතාගේ දේහය මේ වන විට ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ පක්ෂ කාර්යාලයේ ඉදිකරනු ලැබූ තාවකාලික ශාලාවක තබා ඇත.
කෙසේ වෙතත්, ඊයේ සිට මේ දක්වා එම පරිශ්‍රය තුළට දේහය රැගෙන ආ මොහොතේ සිට විශාල පිරිසක් ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා පැමිණෙමින් සිටියි.
Sponsored By Sarrita Jewellery