රාජ්‍ය ඇමති සනත්ගේ නිසල දේහය මීට සුළු වෙලාවකට පෙර නිවසට රැගෙන එයි - (VIDEO)

Sri Lanka Politician Latest Headlines Sanath Nishantha Accident Sanath Nishantha
By Sewvandhi Jan 26, 2024 11:52 AM GMT
Report

මීට සුළු වේලාවකට පෙර හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්වු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය පුත්තලම ආරච්චිකට්ටුවේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත රැගෙන ආවේය.

බොරැල්ල සිට රැගෙන ආ දේහයට අවසන් ගෞරව දැක්වීමට මඟ දෙපස විශාල ජනතාවක් රැස්ව සිටි අතර, නිවස වෙත ද මේ වනවිට විශාල ජනතාවක් එක්වෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

මේ අතර,ඊයේ (25) රාත්‍රියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරු මෙන්ම මැති ඇමතිවරු ඇතුළු විශාල පිරිසක් දේහයට අවසන් ගෞරව දැක්වීමට බොරැල්ල ජයරත්න මල්ශාලාව වෙත පැමිණියහ.

එමෙන්ම අද(26) පෙරවරුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, කථානායක මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණියහ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද අද දහවල් දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියේය.