සනත් නිශාන්ත අවසන් වරට සහභාගී වූ විවාහ මංගල උත්සවයක් ගැන රටම කතා වෙයි..මනමාල මහත්මාගෙන් සංවේගී සටහනක්.(PHOTOS/VIDEO)

Sri Lanka Politician Wedding Accident Sanath Nishantha Accident Sanath Nishantha
By Aruna Jan 25, 2024 06:03 AM GMT
Report

අද අලුයම් කාලයේ අධිවේගී මාර්ගයේ සිදු වූ බිහිසුණු අනතුරින් ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සිය ජීවන ගමනට සමුදුන්නා.

මෙම නොසිතූ අනතුර සිදුවීමට පෙර සනත් නිශාන්ත මහතා අවසන් වරට සහභාගී වූ විවාහ මංගල උත්සවයක් ගැන බොහොදෙනෙක් අතර කතා බහට ලක්වන සිදුවීමක් බවට පත්ව තිබේ.

එනම් ඊට හේතුව නම්, ඊයේ දිනයේ පැවති විවාහ මංගල උත්සවයකදී සනත් නිශාන්ත මහතා සමග ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යය තුළ වේගයෙන් සංසරණය වීම හේතුවෙනි.

ඒ අනුව ඊයේ දිනයේ විවාහ දිවියට පිවිසි මනමාල මහත්මා විසින් ඡායා රූප පෙලක් සමග සනත් නිශාන්ත මහතාට සිදු වූ සිදුවීම ගැන සංවේගීව සිය මුහුණු පොතට එක්කර තිබීමයි.

එහි සඳහන්ව තිබුණේ,..

"හිතාගන්න අමාරුයි සනත් නිශාන්ත මාමෙ මේ මොකක්ද උනේ කියලා.

මං වෙනු වෙනුවෙන් මාව බලන්න ආව ගමනෙදිම මෙහෙම උනානෙ ඒක මට කොහොනත් දරා ගන්න අමාරුයි.

නිවන් සුව ලැබේවා මාමෙ ❤️ "

රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ රාත්‍රීයේ කුරුණෑගල සහ හලාවත ප්‍රදේශවල පැවති විවාහ උත්සව දෙකකට සහභාගී වී නැවත කොළඹ බලා යමින් සිටිය දී මෙම අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අනුව ඊයේ දිනයේ නිශාන්ත මහතා සහභාගී වූ විවාහ මංගල උත්සවයේ විඩියෝවක් පහතින් නරඹන්න,

Sponsored By Sarrita Jewellery

සනත් නිශාන්ත අවසන් වරට සහභාගී වූ විවාහ මංගල උත්සවයක් ගැන රටම කතා වෙයි..මනමාල මහත්මාගෙන් සංවේගී සටහනක්.(PHOTOS/VIDEO) | Sanath Nishantha Last Wedding

GalleryGalleryGalleryGalleryGalleryGallery