රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ සනත් නිශාන්තට ඇත්තටම මොකද වුණේ. වැඩි විස්තර මෙතනින් දැනගන්න..(PHOTOS/VIDEO)

Sri Lanka Podujana Peramuna Accident Highways In Sri Lanka Sanath Nishantha Accident Sanath Nishantha
By Aruna Jan 25, 2024 01:51 AM GMT
Report

කටුනායක අධිවේගී මාර්ගයේ අද (25) අළුයම 02.00ට පමණ සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගමන් ගත් ජීප් රථය එම දෙසටම ධාවනය වූ කන්ටේනර් රථයක ගැටීමෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එමෙන්ම මෙම අනතුරෙන් ඔහුගේ ආරක්ෂක නිලධාරියා වන පොලිස් කොස්තාපල් 72542 ජයකොඩි යන නිලධාරියාද ජීවිතක්ෂයට පත් වී තිබේ.

පොලිසිය සඳහන් කළේ, කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ ආර් 11.01 කිලෝමීටර් කණුව අසලදී මෙලෙස ලක්වූ ජීප් රථය අනතුරුව මාර්ගයේ ආරක්ෂක වැටෙහි ද ගැටී ඇති බවයි .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින්,පුත්තලම දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පිවිසි සනත් නිශාන්ත මහතා මිය යන විට වයස අවුරුදු 49ක් වනවා.

1975 වර්ෂයේ මැයි මස 03 වන දින උපත ලැබූ සනත් නිශාන්ත මහතා මිය යන විට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළා.

රෝමානු කතෝලිකයෙක් වූ නිශාන්ත මහතා සිය දේශපාලන දිවිය තුල විවිධ ක්ෂේත්‍රයන්ට නායකත්වය දීමට කටයුතු කළ අයෙක්.

ඒ අනුව, වයඹ පළාත් මාර්ග සංවර්ධන, විදුලි බල, නිවාස හා ඉදිකිරීම් සහ ධීවර කටයුතු අමාත්‍ය / වයඹ පළාත් කෘෂිකර්ම, ධිවර, සත්ත්ව නිෂ්පාදන හා සංවර්ධන, සුළු වාරිමාර්ග හා ගොවිජන සංවර්ධන අමාත්‍ය / ධීවර හා මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

මීට අමතරව සනත් නිශාන්ත මහතා කාරක සභා රැසක සමාජිකත්වය ගෙන කටයුතු කළ අයෙක්.

ඔහු සාමාජිකත්වය දැරූ කාරක සභා නම්, ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව..

සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව)..

ජල සම්පාදන කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාව (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව)..

මෙලස අවාසනාවන්ත ලෙස රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාට නිවන්සුවය ප්‍රාර්ථනා කරමු.


Sponsored By Sarrita Jewellery

රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ සනත් නිශාන්තට ඇත්තටම මොකද වුණේ. වැඩි විස්තර මෙතනින් දැනගන්න..(PHOTOS/VIDEO) | Sanath Nishantha Death By Accident Article

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery