සනත් නිශාන්ත, මිලාන් ඇතුළු 6කට අධිකරණයෙන් ලැබුණු නවතම නියෝගය..!

Galle Face Protest Sri Lankan protests Sri Lanka
By Sewvandhi May 25, 2022 11:30 AM GMT
Report

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත, මිලාන් ජයතිලක ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු ජුනි මස 01 වන දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකරන ලෙසකොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.

කොල්ලුපිටිය "මයිනා ගෝ ගම" සහ ගාලු මුවදොර "ගෝටා ගෝ ගම" යන අරගලවලට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතකර සිටි මෙම සැකකරුවන් අද අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.

එමෙන්ම හඳුනාගැනීමේ පෙරට්ටුව සඳහා ඉදිරිපත් කිරීමට නියමිත තවත් සැකකරුවන් හය දෙනකු ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ලෙසත් එදින ඔවුන් ආවරණය කර හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ ලෙසත් අධිකරණය වැඩිදුරටත් නියම කළේය.

එසේම නීතිපතිවරයා විසින් සිදුකළ ඉල්ලීම පරිදි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේබන්දු තෙන්නකෝන් මහතා ස්ථාන මාරු සිදු නොකිරීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වන ලෙසද මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් පොලිස්පතිවරයා වෙත නියෝග කරනු ලැබීය.

මේ අතර අද දින පැවති හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී සාක්ෂිකරුවන් විසින් හඳුනා නොගත් සැකකරුවන් තුන්දෙනෙකු හා සැකකාරියක් ඇප මත මුදා හරින ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියම කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now