සනත් නිශාන්ත හිතා මතා මැරූ බවට ප්‍රබල සැකයක්..රියදුරු දැමූ ෆේස්බුක් සටහනකින් වැඩේ ලීක් වෙයි..
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට මරු කැඳවූ රිය අනතුර සම්බන්ධයෙන් මේ වනවිට සැකයක් මතුවන කරුණු කාරණා ඉදිරිපත් වෙමින් පවතිනවා.
එම සැකයට හේතුව වී ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරයාගේ රියදුරා අනතුරට පෙර දිනයේ සිය සමාජ මාධ්‍ය ගිණුම්වල පල කර තිබූ සටහනක් පදනම් කරගෙනයි. එහි සඳහන්ව තිබුණේ මෙසේය,
උපුටා ගැනීමයි.
“හෙට වෙනකොට මගේ නමට යටින් ලස්සන ෆොටෝ එකක් වැටිලා නමට උඩින් අමාමහ නිවන් සුව කියලා තිබ්බොත්.
උඹලාට හිතෙන දේ කියන් යමන්. මැරෙන්න කලින් මම ඒ ටික කියවන්න හරි ආසයි.”
උපුටා ගැනීම අවසන්.
අනතුරට පෙරේදා ඔහු විසින් සිය සමාජ මාධ්‍ය ගිණුමක පල කර තිබූ මෙම සටහන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දැඩි සැකයට මේවන විට හේතු වී බෙන බවයි වාර්තා වන්නේ.
එසේම අදාල සැකය මතු කිරීම මේවන විට සනත් නිශාන්ත මහතාට සමාජ මාධ්‍ය තුළ පලකෙරෙන අපහාසාත්මක සටහන්වලට යම් පාලනයක් ඇති කිරීමට හේතුවන බැවින් සනත් මරා දැමූ බවට වන සැකය උවමනාවෙන් සමාජගත කිරීමට උත්සාහ කරණ බවයි, මේ සම්බන්ධයෙන් දේශපාලන විචාරක මතය වී ඇත්තේ.
කෙසේවුවද, සනත් නිශාන්ත මහතාට සහ ඔහුගේ ආරක්‍ෂක නිලාරීයාට මරු කැඳවු අනතුර වන අවස්ථාවේදී වී-8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථය පැදවු සනත් නිශාන්ත මහතාගේ රියදුරා වශයෙන් කටයුතු කළ ආරච්චිකට්ටුව කැලේගම පදිංචි සුරියහෙට්ටි අධිකාරී මුදියන්සේලාගේ ප්‍රභාත් එරංග ඩිල්නේෂා නමැත්තා රිමාන්ඩ් භාරයට පත් කිරීමට වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා කටයුතු කළා.
එසේම සනත් නිශාන්ත මහතා ගමන් ගත් වී-8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථය ඝට්ටනය වු කන්ටේනර් රථයේ රියදුරා වශයෙන් කටයුතු කළ ජයන්ත නිරෝෂන් දසනායක ද ඇප මත මුදා හැරීමට ද නියෝග කර තිබෙනවා.
කන්ටේනර් රථයේ රියදුරා රිමාන්ඩ් බාරයට පත් කරන්නැයි කඳාන පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ගාමිණී සෙනරත් හේවාවිතාන මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියද එය ප්‍රතික්‍ෂෙප කරමින් රුපියල් ලක්‍ෂ 05ක් වටිනා ඇපකරුවකුගේ බැඳුම්කරයක් මත ඔහු මුදා හැරීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා ඔහුගේ රියදුරු බලපත්‍රයද තාවකාලිකව මුදා හැරීමටට නියම කර තිබෙනවා.
අනතුරින් සුලු තුවාල ලැබු සනත් නිශාන්ත මහතාගේ රියදුරා වශයෙන් කටයුතු කළ ඔහු ගමන්ගත් වී-8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථය පැදවු ප්‍රභාත් එරංග ඩිල්නේෂා නමැත්තා රාගම රෝහලේ 39 වැනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.