චිරන්තගෙ අතින් සමිතා මවක් වෙන්න යන කතාව ගැන සමිතා LIVE ඇවිත් කියූ දේ මෙන්න..(PHOTOS)

Sri Lanka Gossip Today SL Actress Gossips
By Aruna Sep 14, 2022 04:22 AM GMT
Report

සමිතා මුදුන්කොටුව ගැන කතාකරද්දී අපිට මුලින්ම මතකයට එන කෙනෙක් තමයි ඇයගේ ආදරණිය සැමියා චිරන්ත ගුණවර්ධන.

සමිතාගේ ජිවිතේ ලස්සන කරන්න ආපු වාසනාවන්ත තරුණයෙක් තමයි චිරන්ත කියන්නේ.

මේ පවුලට ඉතාමත්ම සතුටින් කාලය ගතකරමින් ඉන්න නිසා ඔවුන්ට ආදරේ කරන ප්‍රශංසා කරන අයත් ඉරිසියා කරමින් විවිධ කතා හදන අයත් ඉන්නවා.

ඒ අතරේ සමිතා ගැන කතාවුන ලොකුම පුවත තමයි මේ.

ඒ තමයි සමිතා සහ චිරන්ත අම්මා කෙනෙක් සහ තාත්තා කෙනෙක් වෙන්න යනවා කියලා. ඒ කියන්නේ චිරන්තගේ අතින් සමිතා තෙවන වරටත් මවක් වෙලා කියලා.

සමිතා ගැන කතාවුන අනෙකුත් දේවල් වලට වඩා මේ කතාව ටිකක් සැර දෙයක්. මොකද එහෙම දෙයක් කිව්වම හැමෝම ඇයගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා.

ඒ නිසා ඒකට සමිතා ලයිව් ඇවිත්ම උත්තර දුන්නේ මෙහෙමයි.

මන් ගැන මගේ සැමියා ගැන වගේම දරුවන් ගැනත් සමාජ මාධ්‍ය වල ගොසිප් දාල තියනවා මම දකිනවා.

නමුත් සාමාන්‍යයෙන් මම කවුරුත් කියන බොරු කතා ගණන් ගන්න කෙනෙක් නෙවෙයි.

ඒත් කෙනෙක් ගැන යම් දෙයක් කියනවානම් ඒකට හේතුවක් සාක්ෂියක් තියෙන්න ඕන.

හිතෙන හිතෙන විදියට මිනිස්සුන්ට මඩ ගහන එක හොඳ දෙයක් නෙවෙයි.

මමත් ඔය කියන හැමදෙයක්ම ගැන ඕනවටත් වඩා ඉවසගෙන හිටියා.

ඒත් මේකට උත්තරයක් නොදී හිටියොත් ඒක ප්‍රශ්නයක් වෙන්න පුලුවන් නිසා කියන්න ඕන කියලා හිතුවා.

ඒ තමයි මම අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා තැන් තැන් වල පෝස්ට් හදලා දාලා තියනවා.

මම මුලින්ම ඔයාලගෙන් අහන්න කැමතියි යම් කෙනෙකු ගැන එහෙම දෙයක් කියන්නේ කොහොමද.

කවුරුහරි විවහා වුනාම දරුවන් හදනවද නැද්ද කොච්චර කාලෙකින්ද බබාලා හදන්නේ කියන ප්‍රශ්නය කෙනෙකුගෙන් අහන එක හරිද.

එතකොට කිසිම හේතුවක් නැතුව මගෙන් බබෙක් ලැබෙන්න ඉන්නවද කියලා අහන එක හරිද.

ඇත්තෙන්ම මම කනගාටු වෙනවා මෙහෙම මිනිස්සු කරන දේවල් ගැන.

තවත් කෙනෙක් ගැන මේ වගේ බොරු ප්‍රචාර කරන එක කොච්චර වැරදි දෙයක්ද.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGalleryGalleryGallery