සමපෝෂ විකිණීම තහනම් කරයි..අධිකරණය හදිසි තීරණයක් ගනී..

Sri Lanka Department of Prisons Sri Lanka Businessman Prisons in Sri Lanka
By Aruna Nov 25, 2022 05:23 AM GMT
Report

සමපෝෂ නම් වෙළෙඳ නාමයෙන් යුත් අතිරේක ධාන්‍ය ආහාරය බෙදා හැරීම විකිණීම තහනම් කරමින් මොරවක මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ එම ආහාර වර්ගයේ ඇෆ්ලටොක්සින් නියමිත ප්‍රමාණයට වඩා අඩංගු වීම හේතුවෙනි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මෙම නිෂ්පාදන අත් අඩංගුවට ගෙන එම CBL සමපෝෂ සාම්පල් කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අනුමත රස පරීක්ෂක වෙත පරීක්ෂාවට යවා ඇෆ්ලටොක්සින් ප‍්‍රමාණය ඉක්මවා ඇති බවට හෙලිව ඇතැයි අධිකරණයට වාර්තා කර තිබුණා.

මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා ගගන ප්‍රවෘත්ති අංශය විසින් මොරවක MOH කාර්යාලයෙන් සහ මොරවක මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඩබ් අමිල සාරංග මහතාගෙන් විමසීමක් කළා.

එහිදී එම අංශ පැවසුවේ, අධිකරණය විසින් ලබාදුන් නියෝගයට අනුව මොරවක අධිකරණ බල සීමාව තුළ මෙම නිෂ්පාදනය විකිණීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමටත් දැනට වෙළඳපොලේ පවතින නිෂ්පාදන තොග වහාම ඉවත් කිරීමට ද නියෝග කර තිබෙන බවයි.

වැලිගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.එන්.එච් නිහාල් මහතා සහ මාතර මහ නගර සබාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක දම්මික විදානපතිරන මහතාගේ මගපෙන්වීම යටතේ මෙම නඩව ගොනු කරන ලද බවයි පැවසෙන්නේ.

මොරවක මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඩබ් අමිල සාරංග මහතා පැමිණිල්ල ඉදිරිපත් කරන තිබේ.

මොරවක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන දෑරංගල මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්.ඩී.එල් චතුරංග මහතා, පිටබැද්දර මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.එල්. රචිත මහීශාන් මහතා , කලුබෝවිටියන මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.එල්.ජී.කේ.කේ හේවාවසම් මහතා, සියබලාගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක බී.ඒ.එස් සුරංග මහත්වරුන් පැමිණිල්ල වෙනුවෙන් අධිකරණය පෙනී සිටින ඇත.

පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වීම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.එන්.එච් නිහාල් මහතා විසින් සිදු කරන ලදි..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now