ශ්‍රී ලංකාවේ කඩාවැටීමට වගකිව යුත්තන් ගැන සමන්තා පවර් හෙළි කරයි.

Sri Lanka Economic Crisis Government Of Sri Lanka
By Wayomi Sep 12, 2022 01:03 PM GMT
Report

ශ්‍රී ලංකාවට අතිරේක සහායක් ලෙස ඇමෙරිකා ඩොලර් කෝටි 6ක මුදලක් ලබා දෙන බව ජාත්‍යාන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය පවසනවා.

ඇය ඒ බව සඳහන් කළේ, ඇමෙරිකා තනාපති කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

ඇය එහිදී වැඩිදුරටත් කියා සිටියේ, දේශපාලකයන්ගේ සහ රජයේ ඇතැම් ඉහළ නිලධාරීන් තම නිලය භාවිත කරමින් වාසි ලබා ගැනීමට තැත්කිරීම, ඇතුළු කරුණු රැසක් ශ්‍රී ලංකාවේ කඩා වැටීමට හේතු බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් ජනවාව විදින දුෂ්කරතා දැක තමන් කනගාටුවට පත් වූ බව ඇය මෙහිදී පවසා සිටියා.

මේ අතර පවර් මහත්මිය වැඩිදුරටත් අවධාරණයේ කළේ, ශ්‍රී ලංකාවට ආධාර ලැබූ පමණින් මෙම අර්බුදයෙන් ගොඩ ඒමට නොහැකි බවත් ඒ සඳහා ආර්ථික සහ දේශපාලනික ප්‍රතිසංස්කරණ සමාන්තරව ක්‍රියාත්මක විය යුතු බවයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW