සමනල වැවෙන් උඩවලව ජලාශයට ජලය නිකුත් කිරීම ඇරඹෙයි..
Ministry of Agriculture
By Aruna
සමනල වැවෙන් උඩවලව ජලාශයට ජලය නිකුත් කිරීම අරඹා තිබෙන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.
බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා ප්‍රකාශ කළේ, ඊයේ (07) සමනල වැව ජලාශයෙන් කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය ජලය නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි.
අමාත්‍ය මණ්ඩල රැස්වීමට පෙර ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්ද පැවැත් වුණා.
ඊට විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා ද එක්ව සිටි අතර සමනළවැව ජලාශයෙන් කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය නිකුත් කිරීම සහ අඛන්ඩව විදුලිය ලබා දීම සම්බන්ධයෙන් ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබඳ එහිදී සාකච්ඡා වී තිබෙනවා.