මාලනී සුවෙන්... කටකතාවලට රැවටෙන්න එපා.. සමනලී ෆොන්සේකා කියයි..
By Sithumini
මාලනී ෆොන්සේකා යනු මෙරට කලාවේ ඉතාම ආදරණීයම සහ චිත්‍රඅට ක්ෂේත්‍රය විචිත්‍රවත් කළ හෙළ සිනමාවේ නිළි රැජිනයි.
ඇය අසනීප තත්වයක් නිසා මේ වන විට රෝහල් ගතව සිටිනවා. කෙසේ වෙතත් ඇයගේ තත්වය ඉතාම අසාද්‍ය බව පවසමින් පසුගිය දිනවල විවිධ පුවත් සමාජ මාධ්‍යවල විවිධ අයුරින් සංසරණය වුණා.
කෙසේවෙතත් මේ සමබන්ධයෙන් ඇගේ සහෝදරයාගේ දියණිය වන සමනලි මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා.
මාලනී ෆොන්සේකා මහත්මිය මේ වන විට ඉතාම සුවෙන් පසුවන බව ඇය සදහන් කළා.
එමෙන්ම ඇය දැඩි සත්‍කාර ඒකකයට ඇතුළත් කළ බවට සදහන් කළත් ඇය දැඩි සත්කාර ඒකකයේ නොසිටි බවත් ඇයගේ සෞඛ්‍ය තත්වය පිළිබදව සමාජ මාධ්‍යයේ පළවන සටහන් අසත්‍ය බවත් ඇය සදහන් කර තිබෙනවා.