සමනල වැවේ කාන්දුවෙන් එන ජලය ලොක්කෙකුගේ පුද්ගලික බලාගාරයකට - සිදුර නොවසන්නේ ඒනිසා..ඉතා ප්‍රබල හෙළිදරව්වක් - (VIDEO)
Sri Lanka Politician
Sri Lanka
India
By Sewvandhi
අන්තර්ජාල නාලිකාවක් හා සාකච්චාවකට එක්වෙමින්, ලංකා විදුලි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා ප්‍රකාශ කළේ, නාමල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුතු තාරුණ්‍යට හෙටක් සංවිධානයේ උත්සවයකට විදුලිය ලබාගෙන නොගෙවු ලක්ෂ 11ක විදුලි බිලක් ඇති බවටයි.
එමෙන්ම රන්ජන් ජයලාල් මහතා එහිදී පෙන්වා දුන්නේ, ඉන්දියාවේ අදානි සමාගමට සහ ටටා සමාගමට විදුලිබල මණ්ඩලය විකිණීමට ආණ්ඩුව සූදානමින් සිටින බවයි.
සමනල වැවේ ඇති ජල කාන්දුව වසා නොදමන්නේ විදුලිබල මන්ඩලයේ වෘත්තීය සමිති නායකයෙකුට අයත් විදුලි බලාගාරයක් එම ජල කාන්දුව උපයෝගී කරගනිමින් සමනලවැව පහලින් ක්‍රියාත්මක වන නිසා බවටද ඒ මහතා චෝදනා කරනවා.
එතුමා සහභාගිවූ සම්පූර්ණ සාකච්ඡාව පහතින්...