ප්‍රවීණ ගායන ශිල්පියෙක් ආපන ශාලාවක බිලක් නොගෙවා උණුසුම්කාරී තත්ත්වයක්
ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා පානදුර ප්‍රදේශයෙ ආපනශාලාවක බිලක් නොගෙවා පිටව යාමට උත්සාහ කිරීමේදී ගැටුමක් හටගෙන ඇතැයි වාර්තා වනවා.
මෙහිදී ආපනශාලා සේවකයන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඊයේ (01) රාත්‍රියේ පානදුර ප්‍රදේශයේ ආපන ශාලාවකට ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් පැමිණ එහි ආහාර ගෙන තිබුණි.එම ආහාර සඳහා ඔවුන්ගේ බිල රුපියල් 1,650කි.
මෙම අවස්ථාවේදී, සමන් ද සිල්වා මහතා සහ ආපන ශාලාවේ සේවකයන් පිරිසක් අතර උණුසුම් වචන හුවමාරුවක් වූ බවත් ඉන් පසු බිල නොගෙවා පිටව යාමට ඔහු ඇතුළු පිරිස උත්සාහ කර ඇති බවත් වාර්තා වනවා.
එම අවස්ථාවේදී බිල ගෙවීම ප්‍රතික්ෂේප කළ සමන් ද සිල්වා මහතා ආවේගශිලීව හැසිරී ඇතැයි වාර්තා වෙයි. සිද්ධියෙන් ආපන ශාලාවේ සේවකයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර එහි භාණ්ඩවලට හානි සිදුව තිබුණි.
පානදුර දකුණ පොලිසීයට මෙම සිද්ධියට මුහුණ පෑ එම ආපනශාලාවේ මුදල් අයකැමිවරයා සහ වේටර්වරයා මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.
"ගායකයෙක් කියලා මොකද්ද නමක් කියලා අපිට ගහන්නේ... රු 1,650කට කාලා මනුස්සයින්ට බලු වැඩ කරලා යනවා..."